අපි මේ මිහිපිට
උපත ලද මොහොතේ පටන් මේ නිමේෂය වන තුරුම අපි අපේ වගේ පරිහරණය කළේත්, කරන්නේත් අප ගෙනා දෙයක් හෝ අප විසින් මැවූ දෙයක් හෝ නොව. මගේ ඇඟ මස් පවා අනුන්ගෙන් පෝෂණය වූ දේය. අනෙක් ඒවා ගැන කියනුම කවරේ ද?
කුඩා කළ අම්මා කිරි කළ පෙවූ කඳුගිනුත්, පියා දුක් විඳ සපයා දුන් බත් පතිනුත්, පෝෂණය වූ අප සුපිරි ධනවතාගේ මහ මග සිඟන අසරණයකු පවා ගෙවන බදු මුදලින් එකතු වූ රජයෙන් ලද දෑ කොතරම් පරිහරණය කර ඇත් ද නොමිලේ ලද සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු දහසකුත් එකක් එවන් අනුන්ගෙ දේ කොපමණ මා වෙනුවෙන් වැය කර ඇත් ද,
ගෙපැල තුලදී තුරුලේ හොවා ගෙන හිස අතගාමින් කියාදුන් ගෙදර බුදුන් වූ මව්පිය ගුරු හරුකම් හා ගමේ නගරයේ පාසලේදී අකුරු කරදුන් ගුරු දෙවිවරුන් නොවන්නට කවර නම් මමෙක් ගැන අද දවසේ සිතන්නට ද? තවෙකෙකුට මේ සියල්ල සියයට සියයක් ම සාධාරණ නොවන්නට පුළුවන. ඒත් මේ කාරණා ගැන යම් කරමකට හෝ සාක්ෂි නොදරා සිටින්නට යමෙක් සිටියේ නම් ඔහු හෝ ඇය බොහෝ මේ වන විට ජීවතුන් අතර නොසිටින්නට ඉඩකඩ බොහෝය.
මේ සා සුවිශාල දේ අන් අයත්, ලෝකයත් සොබා දහමත් එක්ව අපට ලබාදුන්නේ නිකමට නම් නොවනු ඇත. එනිසාමයි මා නිතරම මගෙන් ම විමසන්නේ අපි කවුරු කවුරුත් ලොකු ගණුදෙනුවක කොටස් කාරයො බවත්, මේ සා විශාල ණයක් කෙසේ නම් දෑස් පියවෙන්නට කලින් ගෙවා දමන්නේ දැයි යන්නත්.
සහෘදයෙනි,
මේ ණයෙන් ටික ටිකවත් නිදහස් වෙන වැඩ පිළිවෙකට හැකි හැකි පමණනින් අද අදම දායක නොවුනොත්, හෙට දවසේ ඔබ මියගිය හොත් ඒ ඔබ මිය යන්නේ කොයිතරම් මේ මහපොළවට බරක් වී ද,
ඔබ කොයිතරම් අසරණ වුනත් ඔබටත් කළ හැකි ලොකු දෙයක් ඇති බව සිතන්න. අඩුම තරමින් හැඩරුවින් පමණක් නොවේ, වැඩවලින් ද “මිනිසෙකු“ ලෙස ජීවත් වී මියයාමත් වටින්නේ ය.
ඔබ දැන උගත්, උපයා පසපයා ගත් දැණුම, මග නොමග තවෙකෙකු ගේ යහපත වෙනුවෙන් විවර කරදෙන්න / විවරකර තබන්න.
වැරදි අනුන්වත් ලෝකය වත් නොව තමන්ම බව නිතර දකින්න පුහුණු වෙන්න. (අමාරුම වැඩක්, එත් කවදාහරි දවසක ඔබම තෙරුම් ගන්නා ලෝක සත්‍යය ද එයයි.)
පුංචි උදාහරණයක් ගෙන බලමු.
අපි නිතරම කියන්න පුරුදුවෙලා තියෙන දෙයක් තමයි, අසවලා නිසයි මට මේ දේ සිදුවුනේ කියලා එසේ නැත්නම් අසවලා නිසා මට මේ දේ කරන්න සිදුවුනාය කියලා. තවත් විටෙක අපි කියයි, මේ දේ ගැනයි මට තියෙන දුක හෝ කේන්තිය කියලා. ඒත් ඒ සියල්ල වැඩුනේ/සිදුවුනේ ඔබේම ඇතුලෙ තියෙන සිතේ හෝ හදවතේ නොවෙයි ද? (එහෙම නැත්නම් ඒ කාරණා වෙන කොහේවත් හැදුනාවත් ද ? .... හික් .... හික් ... )
මම ඒ කිව්වෙ ඔබ ගැනම ..... නොවන්නට පුළුවන්. ඒත් ඔබ මේ තත්වයෙන් අවබෝධ කරගෙන ද ජීවත් වෙන්නෙ කියලා නැවත මෙනෙහි කරලා බලන එක නම් හොඳයි. තරහා ගන්න කාරි නෑ.
ඉහත කාරණා මට පහදලා දුන්නේ මගේ තිලෝගුරු තථාගත බදුරජාණන් වහන්සේ දැනට අවුරුදු දෙදහස් ගණනකට කලින්.
ඒ වගේම ඔබ අත් විඳි අමිහිරි අත්දැකීම් නැවත කවර කලෙක වත් තවත් අත් නොවිඳින්නට කළ හැකි හැම දෙයක්ම කරන්න උත්සාහ කරන්න. මරා දැමීමෙන් වත් විනාශ කිරීමෙන් වත් ඒක කරන්න බැරි බව තේරුම් ගන්න තරම් බුද්ධියක් මෙය කියවන අයට ඇතැයි මා සිතනවා. ඒ සඳහා දැනුවත් බව හා ගැඹුරු ආකල්පමය වෙනසකට මගපාදන්න වෙනවා. ඒකට වියදම් යන්නෙ නෑ .... ඒත් පහසු වැඩකුත් නොවෙන්න පූළුවන්. ඒත් එය කළ හැකි බව මගේ තිලෝගුරු තථාගත බදුරජාණන් වහන්සේත්, උන් වහන්සේ වැඩි මග වැඩි ආර්යයන් වහන්සේලා සූ විසි අසංඛයක් ( ලොකු ගාණක්) විතර ඒ බව ඔප්පුකරලා පෙන්නුවා.
රටේ ලෝකෙ හැම අහුමුල්ලකම බොහෝ දෑ සොයපු අපි අපි ගැනම ටිකක් වත් ආධ්‍යාත්මක මෙනෙහි කිරීමටක යොමු උනොත් නම්, අදට වඩා හෙට හොඳ වෙනවා මයි.
අපි තව දවසක තවදුරටත් කතා කරමු.
ආ ... මට කියන්නත් බැරි වුනා.
මේ ඉ-පත්ඉරුව පටන්ගත්තෙත් ඔය සංසරා ණය ගෙවන වැඩේට ටිකක් හරි දායක වෙන්නත් එක්ක හිතාගෙන.
මේ මුල පිටුවනේ, අනෙක් පිටුවලත් ගන්න දෙයක් තියෙනවා ද කියල ගිහින් බලන්න.
ඔබේ අදහසුත් / ඔබට හිතෙන දේත් මේකට එකතු කරන්න. ඉඩක් දෙන්න පුළුවන්... (Comments වලින් ....)
බුදු සරණයි .... !
No comments:
Post a Comment