දින පොත

අද 2012-08-11

බුදු පුත් පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමිපාණන් වහන්සේ පැවැත්වූ වැඩසටහනකට සහභාගීවීමේ පින අද මට හිමිව තිබුණා. පැවැත්වුණේ ඇඹිලිපිටිය බෝධීරාජ විහාරස්ථානයේදී, සංවිධානය කරලා තිබුණේ ඇඹිලිපිටිය සුහද සෙනෙහස සංසදය මගින්. පාරමිතා පෙරහරක තවත් එක් අවස්ථාවක්.

මෙය උන් වහන්සේ සහභාගීවූ මාසික වැඩසටහන් 6 ක අවසාන වැඩසටහන  වුවත්, ඊළඟ මාසෙ (සැප්තැම්බර්) 22 උදේ 8.00 සිට ප.ව. 4.00 දක්වා වැඩසටහන් මාලාවේ ඊළඟ වැඩසටහන තියෙන බව දැනගන්නට ලැබුණා. එදින වැඩම කරන්නේ, කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය දියසෙන්පුර විමල නාහිමිපාණන් වහන්සේ බව ප්‍රකාශ වුනා.

මේ සුපින්බර ආරංචිය පිනැති හැමටම දැනගන්න සලස්වනනේ නම්, එයත් ධර්මදාන පිංකමකට දායකවීමක් වෙනු ඇති.

ඇඹිලිපිටිය සුහද සෙනෙහස සංසදය අවබෝධ කරගත් සකල ලෝකවාසී සත්වයන්ට සෙනෙහස දැක්වීමේ බුදුන් දෙසූ මග මෙය බව ශාසනාලයෙන් යුතුව සඳහන් කරමු.

දායක වූ සැමට උතුම් ධර්මාවබෝධය පිනිසම වේවා.

අද 2012  ජූලි  27

නිවිතිගල අධ්‍යාපන කලාපයේ ICT විෂයභාර ගුරුභවතුන්ගේ වැඩ මුළුවකට සහභාගීවීමට අවස්ථාවක් ලැබුණා. තිබුණෙ ඇලපාත මහා විද්‍යාලයේ. දැණුම හුවමාරු කරගන්න හොඳ අවස්ථාවක් කියලා හිතුනා. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්/තොරතුරු තාක්ෂණ) චන්ද්‍රිකා මහත්මියගේ කැපවීමත් ඊට ම ගැලපෙන ගුරු භවතුන්ගේ උනන්දුවත් මහත් සේ අගය කළ යුතුයි. උදේ 8.00 ඉදන් සවස 4.15 වෙනකන් තිබිලත් මදි වුනු, කලාතුරකින් දකින්නට ලැබෙන ගුරු කාර්යය සැසියක්. එහෙම කිව්වෙ මම ගුරුවරයෙක් හැටියට ඒ කාලෙ ගිය සැසි හුඟක් සැසි පටන් ගන්නේ 10.00 ට විතර, ඒත් 2.00 ට කලින් ඉවර වෙනවා. අද මට හිතුනා ඒ කාලෙ එහෙම කරන්න ඇත්තෙ කරන්න වැඩක් නැතුව හින්ද වෙන්න ඇති. කියලා  ... !

No comments:

Post a Comment