1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම් වූ කුරු රට වැසියන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කර මෙසේ දේශනා කළාහුය.
´´මහණෙනි, සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිඳු වීම පිණිසද , ශෝක කිරීමය, වැළපීමය, යනාදීන්ගේ ඉක්මවීම පිණිස ද, කයෙහි හා සිතෙහි හටගන්නා දුකය, යන මොවුන්ගේ දුරලීම පිණිසද , ඥාන නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිස ද, නිර්වාණය අවබෝධ කිරීම පිණිස ද, එකම මාර්ගය වන්නේ යයි´´ දේශනා කළාහුය.
´´මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුත්තව (1) මේ ශරීරයෙහි ලෝභය ද ක්‍රෝධය ද සංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව (2) විඳීම් රාශියෙහි ලෝභය, හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව (3) සිත්හි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන සිත් අනුව දක්නා ස්වභාව ඇතිව (4) නීවාරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දෝම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන ධර්මයෙන් කෙරෙහි ධර්ම අනුව සිහි කරම්න් වාසය කරන්නේය. (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්.)
2. (1) ´´මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරනන්නේ ද යත්, මේ ශාසනයෙහි මහණ තෙම් කැලයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ (එරමිනිය ගොතාගෙන) ශරිරය කෙළින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙෙතම සිහියෙන්ම ආශ්වාස සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. ලූහුඬු කොට ආශ්වාස හෝ ප්‍රශ්වාස කරන්නේ හෝ ´´ලුහුඬු කොට ආශ්වස ප්‍රශ්වාස කරන්නෙමියි´´ දන්නේය. මුල මැද අග යන සියළු ආශ්වාසය ප්‍රකට කරගත්තෙමියි යන අදහසින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස යන් හෝ සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නේමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නේමියි පුරුදු කරන්නේය.
මෙසේ තමාගේ ද අනුන්ගේ ද ආශ්වාස ප්‍රශ්වාස අනුන්ගේ හා තමන්ගේද (ආශ්වාස ප්‍රශ්වාස) ශරිරයෙහි හෝ ආශ්වාස ප්‍රශ්වාස ශරිරය අනුව බලමීන් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හටගැනිම නැතිවිම කලෙක හටගැනිම, විනාශය බලමින් හෝ වාසය කරන්නේය. ඥනයේ වැඩිම පිණිස ද සිහියේ වැඩිම පිණිස ද පවති. ආශ්වාස ප්‍රශ්වාස දෙකෙම ඇත්තේය මනා කොට සිහිය පිහිටියේ වෙයි. තණ්හා දාෂ්ටියෙන් දුරුව වසන්නේ ද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදී වශයෙන්) තොගන්නේය. මහණෙනි, මෙසේද මහණ තෙම ශරිරයෙහි ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.´´
3. ´´මහණෙනි, නැවත ද මහණ තෙම යන්නේ හෝ ´´යන්නේමියි´´ සිටියේ හෝ ´´සිටියෙමි´´ හුන්නේ හෝ ´´හුන්නේමියි´´ සයනය කරන්නේ හෝ ´´සයනය කරන්නේමියි´´ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටු වන ලද ද ඒ ඒ ආකාරයෙන් දන්නේය.
4. ´´මහණෙනි, නැවත ද මහණ තෙමේ ඉදිරියට යාමයෙහි ද ආපසු ඊමයෙහි ද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලිමෙහි ද සරස බැලිමෙහි ද අත් පා හැකිලිමෙහි ද දිගු කිරිමෙහි ද පාත්‍රා දෙපට සිවුරු තනිපට සිවුරු දැරිමෙහි ද අනුභව කිරීමෙහි ද පානය කිරීමෙහි ද කඩා කැමෙහි ද රස බැලිමෙහි ද මළ මුත්‍ර පහ කිරීමෙහි ද, යාමෙහි ද, සිටිමෙහිද, හිඳීමෙහි ද, නිදීමෙහි ද, නිදි දුරු කීරිමෙහි ද, කථා කිරීමෙහි ද කථා නොකිරීමෙහි ද, ප්‍රඥවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේය.
5. ´´නැවත ද මහණෙනි, යෝගාවචර තෙම මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේද යත්) මේ ශරිරයෙහි හිසකෙස්ය ලොම්ය, නියපොතූය, දෙතිස් දත්ය, හමය, මස් පීඩුය, නහරය, ඇටය ඇටමිදුලුය, වකූගඩුය, අක්මාවය, හෘදය, මාංශය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය, නොදිරූ ආහාරය, මලය, ස්මොලය, පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය කඳුලුය, වුරූණු තෙලය, කෙලය, සොටුය, සදමිඳුලුය, මූත්‍රය, ඇත්තාහ.
´´මහණෙනි, යෝගාවචාර තෙමෙ පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට නොයෙක් ආකාර අසූචිවලින් පිරුණා වු මේ ශරිරයම සිහි කරන්නේය.
6. ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව මේ ශරිරය යම්සේ සිටියේ ද, යම්සේ පිහිටු වන ලද ද, එසේ ධාතු වශයෙන් සිහි කරන්නේය. මේ ශරිරයෙහි පෘථවි ධාතුව (තදගතිය), ආපෝ ධාතුව (දියවන ගතිය), තේජෝ ධාතුව (උණු ගතිය), වායො ධාතුව (විහිදෙනා ගතිය) (යන ධාතුහු) ඇත්තේය කියායි. මේසේ තමන්ගේ හෝ අනුන්ගේ ශරිරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.
7. ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව මැරි එක දවසක් ගියාවු හෝ දෙදවසක් ගියා වු හෝ තුන් දවසක් ගියා වු හෝ ඉදිමුනා වු නිල් වු (පුයා) සැරව වැහිරෙන්නා වු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද, නොයෙක් සතුන් විසින් කඩා කනු ලබන්නා වු හෝ අමු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේ ද, ලේ මස් සහිත වූ නහර වලින් බැඳුන ඇටසැකිල්ලක් වූ සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දක්නේ ද, මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක් වු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දකින්නේ ද, මස් ලේ දෙකින් පහ වු නහරින් බැඳුන ඇට සැකිල්ල වු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දකින්නේ ද, නහර බැඳුම් වලින් වෙන් වු දිශා අනුදිශාවන්හි විසිරුණු ඇට කැබලි ද, සොහොනෙහි දමන ලද මළමිනිය යම්සේ දකී ද, සක්ගෙඩියක පාටට සාමන ස්වභාව ඇති සුදුව ඇට ඇත්තා වු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද අවුරුදු ගණනක් ඉක්ම ගිය ඇට ගොඩක් වු සාහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද, කුණු වු, සුණු වු ඇට කැබලි වලට පැමිණි සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දකින්නේ ද, ඒ භික්‍ෂුව (තම) ශරිරයම නුවණින් බලන්නේය. මේ මාගේ ශරිරය ද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියයි.
8. කලෙක ශරීරයෙහි ඇතිවීම ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවිම ස්වභාව දක්නේ හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව (සත්ව පුද්ගල නොව) ශරිරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥනයාගේ වැඩිම පිණිස ද පවතී. කෙලෙස කරණකොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනි. මහණෙනි, භික්‍ෂුව මේසේ ද ශරිරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේය.
9. (2) මහණෙනි, භික්‍ෂුව විදීම් කෙරෙහි විදීම් අනුව බලමින් කෙසේ වාසය කරන්නේ ද? මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් දුක් ද නොවු සැප ද නොවු වේදනාවක් හෝ ඒ ඒ වේදනාවක් විදීමියි දැන ගනී. එසේම කාමාශාවන් පිළිබඳ වු හෝ කාමාශාවන් පිළිබඳ නොවන වේදනාවක් විදින්නේ හෝ විඳිමියි දැන ගනී. මෙසේ තමන්ගේ හෝ අනුන්ගේ හෝ තමාගේ හෝ අනුන්ගේ විදීම් කෙරෙහි හෝ විදිම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ඇතිවිම් ස්වභාව හෝ නැතීවිම් ස්වභාව කලෙක වේදනාවන්හි ඇතිවිම් ස්වභාව හා කලෙක වේදනාවන්හි නැතිවිම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව (සත්ව පුද්ගල නොව) වේදනාව (විදීම්) ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දීය. ඒ සිහිය ඥනයාගේ වෑයම පිණිස ද, සිහිය වැඩිම පිණිස ද පවතී. කෙලෙස කරන කොට ආශ්‍රය නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනි, මහණෙනි, මෙසේ ද විඳීම කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.
10. (3) ´´මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ සාරග සිත, වීතරාග සිත, සද්‍රෙස සිත, සමෝහ සිත, වීතමෝහ සිත, සංඛතන සිත, විකඛතන සිත, මහගගන සිත, අමාහගගන සිත, සඋත්තර සිත, අනුත්තර සිත, සමාහිත සිත, අසමාහිත සිත, විමුත්ත සිත, අවිමුත්ත සිත ඒ ඒ සිත් යයි දැනගනි. මෙසේ විඳීම් මෙන්ම භික්‍ෂුව සිත කෙරෙහි සිත ද අනුව බලමින් වාසය කරන්නේය.
11. (4) ´´මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව පංච නීවරණ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මේ ශාසනයෙහි භික්‍ෂුව තමා කෙරෙහි ඇත්තා වු කාමචජන්දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තා වු කාමචජන්දය නැතැයි දැනගනි. යම් කරුණකින් නූපන්නා වූ කාමචජන්දයාගේ ඉපදීම ද උපන්නා වූ කාමචජන්දයාගේ දුරු කිරීම ද දුරු කරන ලද කාමචජන්දයාගේ නැවත ඉපදීමක් නොවේද ඒ කරුණු දැන ගනි. ව්‍යාපාද (ක්‍රෝධය) ගැන ද ථිනමිද්ධය ගැනය. උඬච්චකුක්කුච්චය ගැන ද නැත්තා වු උද්ධච්ච කුක්කුච්චය නැතැයිද, නුපන් උඬච්චකුක්කුච්චයාගේ ඉපදීම ද, උපන් උද්ධච්චයාගේ දුරු කිරීම ද, දුරු වු උඬචච කුක්කුචචායාගේ නැවත ඉපදීමක් නොවේ ද එය ද දැන ගනී.
´´විවිකිච්ජාව ගැන ද මා තුළ විචිකිච්ජා ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තා වු හෝ වීචිකිච්ජාව´´ මා තුළ විචීකිච්ජාව නැතැයි´´ දන්නේය.
12. ´´මෙසේ තමා තුළ වු හෝ අනුන් පිළිබඳ හෝ තමන් පිළිබඳ වු ද අනුන් පිළිබඳ වු ද (පංච නීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
´´ඒ ධර්මයන් ගේ ඉපදීම් ස්වභාව නැතිවීම් ස්වභාව, විටක ඉපදිම් ස්වභාව හා විටක නැතිවිම් ස්වභාව හෝ බලමින් වාසය කරන්නේය. ඔහු විසින් නීවරණ ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනා කොට පිහිටුවන ලද්දීය. ඒ සිහිය නුවණ වැඩීම පිණිස ද සිහිය වැඩිම පිණිස ද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වසන්නේය. ලෝකයෙහි කිසිවක් (මමය මගේ යයි) ගැනිම නොකරන්නේය.
13. ´´මහණෙනි, (භාවනා කරන) භික්‍ෂුව නැවත ද පස් ආකාර උපදාන ස්කන්ධ (රූප වේදනා සංඥා, සංඛාර, විඥාන) ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව මේ රූප රාශියයි, මේ රූපයාගේ පහළවීමේ හේතුවයි, මේ රූපයාගේ විනාශයයි ද, ඒ සේම වේදනාවය, සංඥවය, සංස්කාරයය, විඥානය, මේසේ තමා තුළ වු (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (අනුන් තුළ වු) හො තමන් කෙරෙහි වු හෝ අනුන් කෙරෙහි වු ධර්මයන්ගේ ඇතිවිම් ස්වභාව, ධර්මයන්ගේ විනාශ විම් ස්වභාවය බලමින් වාසය කරන්නේය. ඔහු විසින් ස්කන්ධ ධර්මයෝ ඇත්තාහූය (යන) සිහිය හොදීන් පිහිටුවන ලද්දීය. (ඒ සීහිය) නුවණ වැඩිම පිණිස ද, සිහිය වැඩිම පිණිස ද පවතී. ඔහු කෙලෙසුන් ඇසුරු නොකොට වාසය කරයි. (පංචස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මමය මගේයයි) ගැනිමක් නොකරන්නේය.
14. ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව තමන් තූළ වු සය ආකාර ආයතනයන් ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත) පිටත වු සය ආකාර ආයතන ද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
´´මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇස ද දැන ගනී. රුපයන් ද දැන ගනී. ඒ දෙදෙනාගේ එක්විම් හේතුකොට ගෙන යම් සංයෝජනයන් උපදින්නේ ද එය ද දැනගනි. යම් කරුණකින් නුපන් සංයෝජනයාගේ ඉපදිම වේ ද, එය ද දැන ගනී.
යම් කරුණකින් උපන් සංයෝජනයාගේ රුවම වේ ද එයද දැන ගනී. යම් කරුණකින් රුවම සංයෝජනයාගේ නැවත ඉපදිමක් නොවේ ද, එය ද දැන ගනි. මෙසේම කණ ද දැන ගනී. ශබ්දය ද දැන ගනී. නාසය ද දැන ගනී, ගන්ධයන් ද දැන ගනී, කය ද දැන ගනී, ස්පර්ශය ද දැන ගනී, සිත ද දැන ගනී, ධර්මයන් ද දැන ගනි. මෙසේ තමා තුළ වු හෝ පිටත්හි වු ද හෝ ආයතනන ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළ වු ද පිටත්හි වු ද හෝ ධර්මයන්ගේ ඉපදිම විනාශවීම ස්වභාව හෝ කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කෙරේ. ඔහු විසින් ආයතන ධර්මයෝ ඇත්තාවුය යන සිහිය මනාකොට පිහිටුවන ලද්දීය. (එය) නුවණ වැඩීම පිණිස ද, සිහිය වාසය කරන්නේය, (ආයතන ධර්ම) ලෝකයෙහි කිසිවක් (මමය මාගේයයි) ගැනීම නොකෙරේ.
15 ´´මහණෙනි, නැවත ද භික්‍ෂුව සප්ත බොඡ්ඣංග (අවබෝධයට හේතුවන අවයව හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්‍ෂුව තමා තුළ ඇත්තා වූ හෝ නැත්තා වූ සති සම්බොජ්ඣංගය (සිහිය) ඇතැයි දැන ගනී. යම් කරුණකින් නුපන් සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේ ද, උපන්නා වූ සති බොජ්ඣංගයාගේ වැඩීම වේ ද, එය ද දැනගනි.
´´මහණෙනි, එසේම ධම්මවිචය (ප්‍රඥව), විරිය, පීති (ප්‍රිති), පසසඬි (සංසිදීම), සමාධි (සිත එකඟ කිරිම). උපේක්ඛා (මැදිහත් බව), සම්බොජ්ඣංගය ඇතැයි හෝ නැතැයි දැන ගනී. සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේ ද, වැඩිම වේ ද එය ද දැන ගනී.
´´ඒ භික්‍ෂුවට බොඡ්ඣංග ධර්මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඔන ලද්දේය. (ඒ භික්‍ෂුව) කෙලෙසුන්ගෙන් දුරුව වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි.
16 ´´මහණෙනි, භික්‍ෂුව නැවත ද චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. භික්‍ෂුව මේ දුක යයි ඇති සැටියෙන් දැන ගනි. මේ දුක් ඉපදීමේ හේතුව යයි ඇති සැටියෙන් දැන ගනී. මේ දුක් නැති කිරීම යයි ඇති සැටියෙන් දැන ගනී. මේ දුක් නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැන ගනී.
( පළමු වෙනි බණවර නිමියේය. )
17. ´´මහණෙනි, දුක්ඛ්‍ය සත්‍යය නම් කවරේද? ඉපදීම ද, දිරීම ද, රෝගය ද, මරණය ද, ශෝක කිරීමය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, ශෝක කීරීමෙන් වන වෙහෙසය යන මොව්හු දුක් වන්නාහුය. අකමැති දෙය හා එක්විම ද, කැමති දෙයින් වෙන්විම ද දුක් වන්නේය. යම් කැමති දෙයක් නොලැබිම ද දුක් වන්නේය. උපාදානස්කන්ධ පසම දුක් වන්නේය.
18. ´´ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයන්හි ඉපදිමක් වේ ද, හටගැනිමක් වේ ද, (උත්පත්තියට) ඇතූළත් විමක් වේ ද, විශේෂයෙන් ඉපදිමක් ද වේ ද, ස්කන්ධයන් පහළවීමක් වේ ද, ආයතනයන්ගේ ලැබිමක් වේ ද, මහණෙනි, මෝ තොමෝ ජාතිය (ඉපදීම) යයි කියනු ලැබේ.
´´ඒ ඒ සත්ව වර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේ ද, දිරන බවක් වේ ද, මේ ජරාව යයි කියනු ලැබේ.
´´ඒ ඒ සත්වයන්ගේ චුත විමක් වේ ද, වෙන්විමක් වේ ද, මිය යාමක් වේ ද, ස්කන්ධයන්ගේ බිඳීමක් වේ ද, මෙය මරණ යයි කියනු ලැබේ. ´´යම් යම් විපතකින් යුක්ත වු සත්වයාගේ ශෝකයක් වේ ද, ශෝක කරන බවක් වේ ද, මෙය ශෝකයයි කියනු ලැබේ.
´´යම් යම් විපතකින් යූක්ත වුවහුගේ යම් යම් දුකකට පත්වුවන්ගේ යම් වැළපිමක් වේ ද, විලාප කිමක් වේ ද, මෙය පරිදේවයයි කියනු ලැබේ.
´´කයෙහි වු යම් දුකක් ඇද්ද, කයෙහි යම් නොසැපක් වේ ද, කායස්පර්ශයෙන් හටගත්තා වු දුකක් වේ ද, නොසැප වු විදිමක් වේ ද, මහණෙනි, මෙය දුක යයි කියනු ලැබේ.
´´සිතෙහි හටගන්නා වු යම් දුකක් වේ ද, සිතෙහි වු යම් අමිහිරි බවක් වේ ද, සිතේ ස්පර්ශය නිසා හටගත් යම් දුකක් වේ ද, සැප නොවු යම් විදිමක් වේ ද, මහණෙනි, මෙය දොම්නස යයි කියනු ලැබේ.
´´යම් යම් විපතකින් යුක්ත වුවහුගේ ද, යම් යම් දුකකින් යුක්ත වුවහුගේ ද යම් දැඩි වෙහෙසක් ඇත්තේ ද යම් ක්ලාන්තවිමක් වේ ද, මෙය උපයාසයයි කියනු ලැබේ. ආසා කරන යමක් නොලැබිම දුක කියනු ලැබේ.
´´මහණෙනි, ´´කැමති වු යමක් නොලබා ද, එය ද දුක්වන්නේය.´´ සසර හට ගැනිම අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය´´ යනුවෙන් මෙ කාරණය කැමැත්තේන් (ආශාවෙන්) පැමිණිය හැක්කක් නොවේ.
´´ඒකාන්තයෙන් මහළුවිම අප වෙත නොඑන්නේ නම් කාරණය ආශාවෙන් පැමිණිය හැක්කක් නොවේ. නිරෝගි බව නොලැබිම මරණයට නොපැමිණිය හැකි බව ශෝකයට පැමිණෙන ස්වභාවය නැත්තෝ නොවිම වැළපිමට නොපැමිණෙන්නේ නොවිම දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ නොවිම දොම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ නොවිම බලවත් වෙහෙසකට නොපැමිණෙන්නෝ නොවිම දුක් වෙත්.
´´මහණෙනි, සංක්ෂේපයන් දුක් වු පඤ්ච උපදාන ස්කන්ධයෝ නම් කවරහු ද? හේ මෙසේයි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන, උපදාන ස්කන්ධ, යන මොවුහුයි. මහණෙනි, සංක්ෂේපයන් දුක් වන්නාහු මේ පඤ්ච උපදාන ස්කන්ධයෝයි. මෙය දුක්ඛ සත්‍ය යයි කියනු ලැබේ.
19. ´´මහණෙනි, දුක්ඛ සමුද්‍රය ආර්ය සත්‍යය කවරේද? නැවත නැවත සත්වයාගේ ඉපදීම ඇති කරන්නා වු, ඇලීම් සහගත වු ඒ ඒ උපන් ආත්මභාවයෙහි ඇලෙන්නා වු යම් තණ්හාවක් වේ ද, ඒ කවරේද යත් කාම තණ්හාව භාව තණ්හාව විභාව තණ්හාව වෙත්.
´´ලෝකයෙහි කුමන ප්‍රිය ස්වභාව ඇත්තේ ද, සැප ස්වභාව ඇත්තේ ද? එහි උපදිනු ලබන්නා වු මේ තණ්හාව උපදි, පවතිනු ලබන්නා වු මේ තණ්හාව පවතී.
´´ලෝකයෙහි ඇස ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නා වු මේ තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නාවු මේ තන්හාව මෙහි පවති.
´´එසේම කණ, නාසය, දිව, ශරිරය, සිත, ඇස මෙන් තණ්හා උපදින පවතින තැන් වෙත්.
ලෝකයෙහි රුපය ද, ශබ්දය ද, සුවඳ ද, රසය ද, ස්පර්ශය ද, ධර්මය ද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නා වු මේ තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නා වු තණ්හාව මෙහි පවති.
´´ලෝකයෙහි චක්ඛු සෝත ප්‍රාණ ජීව හා කාය මනෝ විඥාන ප්‍රිය ස්වභාවය ද සැප ස්වභාවය ද ඇත්තාහ.
´´ලෝකයෙහි සැප චක්ඛු සෝත ප්‍රාණ ජිව හා කාය මනෝ සම්පස්ස ප්‍රිය ස්වභාවය ද ඇත්තාහ.
´´ලෝකයෙහි ඇස හා රූපය, කණ හා ශබ්දය, නාසය හා ගඳ සුවඳ, දිව හා රසය, කය හා ස්පර්ශය, සිත හා ධර්මයන් ස්පර්ශ විමෙන් ඇතිවන විඳීම ද, ප්‍රිය ස්වභාවය ද සැප ස්වභාවය ද ඇත්තාහ. ලෝකයෙහි සැප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සංඥා ද ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ. ලෝකයෙහි රූපය ශබ්දය ගඳ සුවඳ ස්පර්ශය ධර්මය නිසා පවත්නා චේතනා ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ.
´´ලෝකයෙහි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සංඥා ද ප්‍රිය හා සැප ස්වභාව ඇත්තාහ.
´´ලෝකයෙහි රූපය ආදිය නිසා හටගන්නා විචාරය ද, සැප ස්වභාව ඇත්තාහ. මේ කරුණු වලින් උපදින ලබන්නා වු මේ තණ්හාව මෙහි උපදි. මේ කරුණුවලින් උපදිනු ලබන්නා වු තණ්හාව මෙහි උපදි. පවතිනු ලබන්නාවු තණ්හාව මෙහි පවති. මහණෙනි, මේ දුක්ඛ සමුදය නම් වු ආර්ය සත්‍යයයි.
20. ´´මහණෙනි, මේ දුක් නැති කිරිම නම් වු උතුම් සත්‍යය (නිවන) කවරේ ද? එම තණ්හාවගේ ඉතුරු නොවන යම් නොඇලීම නම් වු තිරුඬ (නැති) කිරිමක් වේ ද, සම්පුර්ණයෙන් දුරලීමක් වේද, මිදිමක් (ගැලවිමක්) වේ ද, ආලය නොකිරීමක් වේ ද එයයි.
´´ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේ ද, යමක් සැප ස්වභාව ඇත්තේ ද, පහවනු ලබන්නා මේ තණ්හාව මෙහි නැති වේ. ලෝකයෙහි ඇස ද, කණ ද, නාසය ද, දිව ද, කය ද, සිතද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. යමක් සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නේය.
´´ලෝකයෙහි රූපය ද, ශබ්දය ද, ගඳ, සුවඳ ද, රසය ද, ස්පර්ශයද, ධර්මය ද එසේමය.
´´ලෝකයෙහි චක්ඛු ආදී සෝත මනෝවිඥාන ද ඒසේමය.
´´ලෝකයෙහි චක්‍ෂ ආදි ස්පර්ශය එසේමය. ලෝකයෙහි ඇස හා රුපය, කණ හා ශබ්දය ද, නාසය හා ගන්ධය ද, දිව හා රසය ද, කය හා ස්පර්ශය ද, සිත හා අරමුණ ගැටීමෙන් උපදින වේදනා ද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු මේ තණ්හාව මෙහි පහවන්නේය, නැතිවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නේය.
´´ලෝකයෙහි රුපය ආදි හැඟීම් ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි නැතිවන්නේය.
´´ලෝකයෙහි රූපය ආදීයෙහි පැවති සිත වන්නීය. පැවති සිතද ප්‍රිය ස්වභාව ඇත්තේය, සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නිය. නැතිවන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නීය.
´´ලෝකයෙහි රූප ආදීයෙහි තණ්හාව රූපය ආදීය නිසා උපදින චේතනා ද රූපයෙහි ආදීයෙහි පැවති විතර්කය ද ලෝක ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නා වු මේ තණ්හාව මෙහි පහවන්නිය. නැති වන්නා වු මේ තණ්හාව මෙහි නැති වන්නීය. මහණෙනි, මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කීයනු ලැබේ.
21. ´´මහණෙනී, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය නම් කවරේ ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කවරේ ද? සත්‍යය ඇති සැටියෙන් දක්නා ප්‍රඥාවයි, යහපත් වචනය, යහපත් කල්පනාවය, යහපත් කර්මාන්තය, යහපත් ජිවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය, යනුය. මහණෙනි, දුක දුකට හේතුව නිරුද්ධ කිරීම දුක නැති කිරිමට පමුණුවන මාර්ගය පිළිබඳ යම් දැනිමක් වේ ද මහණෙනි, මේ සම්මාදිට්ඨ (යහපත් ප්‍රඥාව) යයි කියනු ලැබේ. යහපත් කල්පනාව නම් ගිහි සැප අත්හැරීමේ ක්‍රෝධ නොකිරිමේ හිංසා නොකිරීමේ සංකල්පනාවයි. සම්‍යයක් වචනය නම් බොරු කිමෙන් කේළාම් කිමෙන් රඵ වචන කීමෙන් හිස් කථා කීමෙන්, වැළකීමය. සම්‍යක් කර්මාන්තය නම් සතුන් මැරිමෙන් අන්සතු වු නුදුන් දෙය ගැනිමෙන් කාමයන්හි වරදවා හැසිරිමෙන් වැළකීමය. සම්‍යක් ආජිවය නම් මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ වරද සහිත වු ජිවත්විම හැර නිවරද වු අන්දමින් ජිවිකාව කිරීමයි. සම්‍යයක් ව්‍යයාමය මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ නුපන් අකුශල ධර්මයන්ගේ නොඉපදිම පිණිස ද, නුපන් කුසල ධර්මයන්ගේ ඉපදිම පිණීස ද උපන් කුශල ධර්මයන්ගේ නැවතීම පිණිස ද, මුළා නොවිම පිණිසද, වැඩිම පිණිස ද, මහත් බව පිණිස ද භාවනාවන් සම්පුර්ණ කිරීම පිණිස ද කැමැත්ත උපදවා ද, උත්සහ ෙකරේ ද, විර්ය පටන් ගනී ද, සිත දැඩි කොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේ ද, මෙය යහපත් උත්සාහයයි.
සම්‍යයක් ස්මෘතිය (යහපත් සිහිය) නම් මේ ශාසනයෙහි භික්‍ෂුව ශරිරයෙහි ශරිරය අනුව දක්නේ මේ ශරිරය නම් වු ලෝකයෙහි විදිම කෙරෙහි විදිම් අනුව දක්නේ සිත්හි සිත අනුව දක්නේ ධර්මයන් කෙරෙහි ධර්මය අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව සිහියෙන් යුක්තව ලෝභය ද ද්වේෂය ද සංසිඳුවා ගෙන වාසය කෙරේද, මෙය සම්‍යක් ස්මෘතියයි. සම්‍යක් සමාධිය නම් මේ ශාසනයෙහි භික්‍ෂුව පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව විතර්ක සහිත වු, විචාර සහිත වු විවේකයන් ඇදිවන ප්‍රිතිය හා සැප ඇත්තා වු පළමුවන ධන්‍යයට පැමීණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිත පහදවන්නාවු සිත එමඟින් කරගන්නාවු විතර්ක රහිත වු සමාධියෙන් උපන් ප්‍රිති සැප ඇත්තා වු දෙවනි ධන්‍යයට පැමිණ චාසය කරයි ද යම් ධන්‍යයක් පිළිබද ආර්යයෝ උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපයෙන් වාසය කෙරේ යයි කියත් ද ප්‍රිතියෙන් වෙන්ව සිහියෙන් යුක්ත වුයේ නුවණින් යුක්ත වුයේ සැපය කයින් විඳිමීන් ඒ තුන්වැනි ධන්‍යයට පැමිණ වාසය කෙරේද, සුඛය පහකිරිමෙන් ද දුක පහකිරීමෙන් ද සොම්නස දොම්නස් දෙදෙනා දුරු කීරිමෙන් දුක් ද නොවු සැප ද නොවු උපෙක්‍ෂාවගේ ද සිහියගේ ද පිරිසිදු භාවය ඇති සතරවන ධ්‍යනයට පැමීණ වාසය කෙරේද, මෙය සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ.
මෙසේ තමන් තුළ වූ ද අනුන් පිළිබද වූ ද තමන් පිළිබඳ වූ හා අනුන් පිළිබඳ වූ ද (වතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (වතුරාර්ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතු වූ ද, විනාශයට හේතු වූ ද, කලෙක වතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ උත්පත්තිය ද කලෙක විනාශය ද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්‍ෂුව චතුරාර්ය සත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹ සිටි සිහිය ඇත්තේ වෙයි. ඒ සිහිය ඥානයේ වැඩ පිණිස ද සිහියේ වැඩ පිණිසද පවතී. (ඒ භික්‍ෂුව) කෙලෙසුන් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, මෙසේ භික්‍ෂුව ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
22. ´´මහණෙනි, යම් කිසිවක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවූරුද්දක් හෝ සත් දවසක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙළසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණිම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමති විය යුතුය.
´´මහණෙනි, රාගාදී කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදේව දුක්ඛයන්ගේ දුරුකිරීම පිණිස ද දුක් දොම්නස් නැති කිරිම පිණිස ද ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබිම පිණිස ද, නිර්වණය ප්‍රත්‍යක්‍ෂ කිරිම පිණිස ද, යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේ යයි. මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.
ව්සිදෙවැනි වූ මහා සතිපට්ඨාන සූත්‍රය නිමියේය.
http://thripitakaya.com
No comments:
Post a Comment