වැදගත් පුවත්

චීවරයේ ගරුත්වය සුරකින හැටි ද මේ!

උදේට සිවුරේ දවල්ට දඩයමේ රෑට කලිසමේ!


නුවන් කුමාර උපන්නේ මීට වසර දාහතකට පෙරාතුවය. දෙහිඅත්තකණ්‌ඩිය, කුඩාගල, තුෂාරගල ගමේ උපන් නුවන්, උපතින්ම දුප්පත් දරුවෙකි. පියා කුලියක්‌ මලියක්‌ කර ජීවිතේ ගැට ගසා ගනිද්දී නුවන් බඩගින්දර සමග පොර බදන්නට ගත්තේ කුලී වැඩ හැමදාම නොලැබුණු නිසාය. දුක, කඳුළ, සුසුම සමග උපන් ඔහුට සැප, සතුට, සැනසුම යන්න සිහිනයක්‌ව තිබිණි.

නුවන් කුමාරට වැඩිමල් සොයුරියන් දෙදෙනකු ද, සොයුරකු ද වූහ. ඒ අයද දහදුක්‌ වින්දේ නැති බැරිකම නිසාය. දුහිවිල්ලටත් ගිනි ඇවිලෙන තරම් දැඩි අව් රශ්මියේ, කුසගින්න නිවාගනු වස්‌ ඇල්වතුර බී වේල පිරිමහ ගන්නට මේ දරුවන්ට සිදුවූයේ නිසි ආදායමක්‌ ඒ පියාට නොලැබුණු නිසාය. පවුලේ ඔක්‌කොම දරුවන් ගණන හතර දෙනෙක්‌. දරුවන් ලැබෙන්නේ ද, දුප්පතුන්ටමය. එකක්‌ නොදැනුවත්කමය. අනෙක දුප්පතුන්ට මිස පෝසතුන්ට දරුවකුගේ ආදරය සෙනෙහසට වඩා තව තව දේවල්වලින් සතුට සැනසුම ළඟා කර ගත හැකි වීමය.

දරිද්‍රතාවයත් නැති බැරිකමත් හමුවේ මව්පිය දෙදෙනා නිතර නිවසේ අඩව් අල්ලද්දී නම් මේ දරුවන්ට ජීවිතය එපා කරවන දෙයක්‌ බවට පත් විය.

අනේ අම්මේ රණ්‌ඩු නොවී ඉන්නකෝ...." වැඩිමල් දියණියන් දෙදෙනා හඬමින් මවගේ ඇඟේ එල්ලෙද්දී, දරුවන් ද තල්ලු කර දමා ඈ ගියේ වෙනත් පිරිමියකුගේ ඇසුරටය. දරු සිව්දෙනා සමඟ ඒ පියා තනි විය.

කැළෑවට වැදී දර කපා විකිණීමට පටන් ගත් පියා දිනක්‌ කැළයට ගියේ පුංචි දරුවන්ගේ කුසගිනි නිවන්නට ක්‍රමයක්‌ නැති තැනය. වැඩිමල් දියණිය, මවකගේ කාර්යය කරට ගෙන නංගිත්, මල්ලිලා දෙන්නත් බලාගන්නට වූ කල ගමේ කාටත් දුක සිතිණි. එහෙත් කුමක්‌ කරන්නද? ගමේ කොයි කවුරුත් දුප්පතුන් ය. දුප්පතුන්ගේ ලෝකයේ, දුප්පතුන්ට අත දෙන්නට පොහොසතෙකු නොසිටියේය.

මේ නිවසේ මවගේ චරිතයට ජීවය දුන් අක්‌කා, දිනක්‌ ජලය ගෙන එන්නට ගඟට ගියාය. වල් අලියා පාර හරස්‌ කර ගෙනය. වල් අලි පහරින් ඈ තැලී පොඩි වී යද්දී ඒ පවුලේ ඉරණම කනපිට හැරී ගියේ නොසිතූ පරිදිය. එපමණක්‌ද? කැලයේ දර කපන්නට ගිය පියාද ඌරකුට බැඳ තිබූ තුවක්‌කුවක්‌ පත්තු වී වෙඩි වැදී රෝහල් ගත කෙරිණි. පියාගේ දෙපා කපා දැමිණි. දෛවයේ සරදම හමුවේ අපේ කතා නායකයා වන නුවන් කුමාරගේ අධ්‍යාපනය ද හයේ පංතියෙන් නතර වූQයේ වැස්‌සට බේරීමට පාසලට ගොඩ වූ අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම තිත තබමිනි.

නුවන් කුමාර නම්, දුප්පත් පවුලක උපන් දරුවාගේ කතාව එතැනින් හමාර වෙද්දී ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ දරුවා කුල දරුවකු බවට පත් කර බුද්ධ පුත්‍රයකු කරන්නේ දහසක්‌ බලාපොරොත්තු ඇතිවය.

ගමේ කොයි කවුරුත් සාදු සාදු කීහ. පොඩි සාදු බවට මේ කුලදරුවා පත් වෙද්දී දෙපා අහිමි පියා බස්‌ නැවතුම්පළට ගියේ සිඟා යෑද ජීවත් වීමටය.

දැන් මේ පොඩි හාමුදුරුවෝ පන්සලේ වැඩහිඳිමින් සිත සන්සුන් කරගෙන ආගම දහම ඉගෙන ගනිමින් කටයුතු කරද්දී සුසන්ත නම් වූ අයකු පන්සලට යන්නට එන්නට පටන් ගත්තේය.

පොඩි හාමුදුරුවන් සමග කුළුපග වන සුසන්ත, පොඩි හාමුදුරුවන්ගේ සිත බිඳ දමන්නේ "මහණවෙලා ඉඳලා වැඩක්‌ නෑ. හොඳ ආතල්පිට ඉන්න නම් එන්න කොළඹ ය." සුසන්ත පොඩි හාමුදුරුවන්ගේ නොමේරූ සිතට විෂබීජ විද්දේ එහෙම කියමිනි.

කුඩා කල සිට දුක්‌ කඳුළු ගොඩක සිටි මේ පොඩි හාමුදුරුවන්ට සැප විඳින්නට තිබූ ආශාව අපමණය.

සුසන්තට දුරකථන ඇමතුමක්‌ ගත් පොඩි හාමුදුරුවෝ සිවුර ගලවා බෝගසේ අත්තක එල්ලුවේ හීරළුවකු බවට පත්වෙමිනි.

"මේ සසර දුක නිවා දමා අමාමහ නිවන් මගට පිවිසෙන්නට බුදු පුතෙකු වූ ඒ දරුවා යළි නුවන් කුමාර ලෙස පන්සලෙන් පාරට බැස පැමිණියේ සුසන්ත සොයා ගෙනය.

අදහස වෙනස්‌ කර ගත් නුවන්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාවක්‌ සොයා ගත්තේද මිතුරකුගේ මාර්ගයෙනි.

මහණදම් පුරමින් පන්සලේ ගත කළ කාලය මෙන් නොව කම්හලේ වැඩ අමාරු යෑයි ඔහුට සිතිණි.

"සුසන්ත අයියා, මම නුවන්" හීරළුවකු වූ පොඩි හාමුදුරුවෝ දුරකථනයෙන් සිය ගැලවුම්කාරයට කතා කළේය.

"එන්න බදුල්ලට, මම ඉන්නේ බදුල්ලේ."

නුවන් බදුල්ලට ගියේය. "නියම වැඩක්‌ තියෙනවා. ඔයා මීට පස්‌සේ "දිඹුලාගල සමිත්තදේව" මේ සිවුර ඇඳගන්න. උඹට තියෙන්නේ මෙන්න මේ ටිකට්‌ පොත් අරගෙන, ටවුමට ගිහින් විකුණලා ආධාර එකතු කරන්න. උඹට මම හවසට කොමිස්‌ එකක්‌ දෙන්නම්" දිඹුලාගල සමිත්තදේව ලෙස වෙස්‌ මාරු කළ නුවන් අතට ටිකට්‌ පොතක්‌ දී කීවේ ඒ ටිකය. දෙදෙනා පොඩි අඩියක්‌ද ගැසුවේ අලුත් රැකියාව පිළිබඳ නුවන්ව දැනුවත් කරන ගමන්ය.

ඒ අනුව පසුගියදා දෙදෙනාම මහනුවර බලා පැමිණියේ ටිකට්‌ පොත් විකුණා මුදල් එකතු කිරීමටය.

"දවසක ආදායම රුපියල් විසිපන්දහසකි". අම්මටහුඩු සුසන්ත මාර පොරක්‌නේ. හවස යළි නවාතැනට පැමිණ සිවුර උනාදමා නුවන් තනිවම කල්පනා කළේය.

මේ රුපියල් දාහ උඹට. "සුසන්ත ඒ මුදලින් කොටසක්‌ දුන්විට තමන්ගේ මුවඟට සිනානැඟිණි.

ටික දිනක්‌ මෙලෙස ටිකට්‌ පොත් ගසා බෞද්ධ සැදැහැවතුන්ට විකුණද්දී දෙදෙනා පොලිසියට කොටුවූහ. ඇප මත නිදහස ලද දෙදෙනා ආධාර එකතු කරන ප්‍රදේශ වරින්වර වෙනස්‌ කළේ පරිස්‌සමටය.

සුසන්තට යන යන තැන ගෑනුය. මොන සැපක්‌ද? නුවන්ට සිතිණ.

සුසන්ත යටතේ ශ්‍රමණ වෙස්‌ගත් අටදෙනකු පමණ සිටින බව නුවන්ට තේරුණේ ටික කලක්‌ ගත වූ පසුවය.

මේ සියලුදෙනාම කලක්‌ මහණව සිට සිවුරු අත්හළ හීරළුවන්ය.

උදේට මහණ වීම, හවසට මහණ වේශය ඉවත් කළ, අඩි ගසන දඩබ්බර කොල්ලෙකු වීම, මොනතරම් පවක්‌ද යන්න මේ කිසිවකුටත් සිතට නැඟුණේ නැත.

ටිකට්‌ විකුණන විට ටිකට්‌ මිලදී ගන්නා පරිත්‍යාගශීලීන්ගේ නම ලිපිනය හා දුරකථන අංකයද ලියා ගැනීම මේ කොයි කාගෙත් වගකීමය.

රූමත් තරුණියන්ගේ නම, දුරකතන අංක, නිවැරැදිවම ලියා ගන්නා මේ කල්ලිය, නවාතැනට පැමිණ ඒ නම් හා දුරකථන අංක වෙනම පොතක ඇතුළත් කරගන්නේ මේ කොයි එකියක හෝ ඔවුනගේ ජඩ ආශාවන් වෙනුවෙන් කොටු කර ගැනීමේ අටියෙනි.

දිඹුලාගල සමිත්තදේව ලෙස වෙස්‌ගත් නුවන් කඩුවෙල, වැලිවේරිය, මාලබේ ආදී ප්‍රදේශවලට පැමිණි ආධාර එකතු කරන්නට ගත්තේ මිරිස්‌වත්ත ශ්‍රී කාශ්‍යපාරාම නම් පන්සලක නායක හාමුදුරුවන්ගේ ලිපියක්‌ද සමගිනි.

දිඹුලාගල පන්සලක චෛත්‍ය ඉදිකරන්නට යෑයි කියමින් පොඩි හාමුදුරුවෝ ඉදිරිපත් කළ ටිකට්‌ පොත්වලට ඒ පන්සලේ නායක හාමුදුරුවොත් රැවටී තිබුණේ එලෙසිනි.

"බොදු බල සේනා" නම් වූ සංවිධානයට මේ ටිකට්‌ විකුණා ආධාර මුදල් එකතු කරන පොඩි හාමුදුරුවන් පිළිබඳ තොරතුරු ලැබුණේ ඔය අතරය.

"උදේට සිවුර දාගෙන ගිහින් හවසට කලිසම් ඇඳගෙන අඩි ගහනවා. ඒ තොරතුරු ඇසූ "බොදු බල සේනා" සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලාගේ ශාසනාලය කම්පිත කළහ.

වහාම ක්‍රියාත්මක වූ බොදු බල සේනා භික්‍ෂූන් වහන්සේලා උපාසක මහත්වරුන් කිහිපදෙනකු සමඟ ගොස්‌ ශ්‍රමණ වෙස්‌ ගෙන මුදල් එකතු කරමින් සිටි රුවන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. රුවන් බියෙන් තැති ගෙන සියල්ල හෙළි කළේය.

"මට හවසට හම්බ වෙන්නේ රුපියල් පන්සීයයි. සුසන්ත සෙනෙවිරත්න පෙරේරා කියන කෙනා තමයි අපිව මෙහෙය වන්නේ" රුවන් සියල්ල වමාරද්දී භික්‍ෂූන් වහන්සේලාට දැනුණේ මහත් වේදනාවකි.

රුවන් ලවා සුසන්තට ඇමතුමක්‌ ගත් භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස සුසන්ත කියන කියන තැනට ත්‍රිරෝදයක නැඟී ගියේ මේ ශාසනය විනාශ කරන නරුමයා ඇල්ලීමටය. නමුත් ඒ නරුමයා සිද්ධ වී ඇති දේ ඉවෙන් මෙන් තේරුම් ගෙන ප්‍රදේශය අතහැර පලා ගොස්‌ තිබිණි.

"එයාට ගෑනු හතරක්‌ ඉන්නවා. තවත් ඉන්නවා කියලා කීවා. හැබැයි මම දැක්‌කේ හතර දෙනායි. එක ගෑනුq කෙනකුට ළමයි ඉන්නවා. දිඹුලාගල සමිත්තදේව ලෙස පෙනී සිටි රුවන් පසුව හෙළි කළේය.

රුවන්වැල්ලේ සෝභිත කට්‌ටඩියකුසේ කළ දැ දැන් රටම දනී. ස්‌ත්‍රී දූෂකයකු වන රුවන්වැල්ලේ සෝභිත මත්පැන් පානය කළ හැටිත්, බංගලාවල් කිහිපයක්‌ ඉදිකර අති සුඛෝපභෝගි දිවි පෙවතක්‌ ගෙවූ හැටිත් අධිකරණය හමුවේ සෝභිත හෙළි කළේය. දැන් ඔහු විසිවසරක සිරදඬුවමකට යටත්ව සිටියි.

"බොදු බල සේනා" සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලබොඩඅත්තේ ඥනසාර හිමි පසුගියදා මේ ශ්‍රවණ වෙස්‌ ගෙන ශාසනය කිළිටි කළ නුවන්ව මාධ්‍ය හමුවට ඉදිරිපත් කරමින් හරි වටිනා කතාවක්‌ කීහ.

හොරුන්ට, ස්‌ත්‍රී දූෂකයන්ට, වංචාකාරයන්ට සැඟවී සිටීමට හොඳම තැන දැන් චීවරය බවට පත්වී ඇතැයි උන්වහන්සේ කී කතාවය. ඇත්තය. චීවරයට මුවාවී කට්‌ටඩිකම් කරන, මලයාල ගුරුකම් කරන, රට රක්‍ෂා ජාවාරම් කරන පන්සලට එන උපාසිකාවන් කෙළසන චීවරධාරීන් අපමණය.

"භික්‍ෂුන් වහන්සේ නමක්‌ පිටරටකට ගිය විට, ඒ රටවල ඇතැමුන් පවසන්නේ අන්ත කට්‌ටඩියකු ඇවිල්ලා යෑයි කියමිනි. ඒ තරමට මේ කට්‌ටඩිකම්, ගුරුකම් වලින් බුද්ධ පුත්‍රයන් කිළිටිවී හමාරය. "බොදුබල සේනා" සංවිධානයේ භික්‍ෂූන්වහන්සේලා මේ පෙරමුණ ගෙන සිටින්නේ සම්බුද්ධ ශාසනය, මේ මිසදිටුවන්ගෙන් ගලවා ආරක්‍ෂා කිරීමටය.

පන්සල්වලට ආධාර යෑයි කියමින් මුදල් එකතු කරන කිසිවකුට සත පහක්‌වත් දෙන්න එපා. අදාළ පන්සලේ දායක සභාව මගින් මිස මෙවැනි වෙස්‌ගත් චීවරධාරීන්ට හෝ පීකර් බැඳ මුදල් එකතු කරන කිසිවකුට හසු නොවන ලෙසද උන්වහන්සේලා ඉල්ලා සිටිති.

මේ වනවිට උමතු වෙස්‌ගත් චීවරධාරීන් ද, මෙලෙස විවිධ දේ කියමින් මුදල් එකතු කරමින් සිටී. චීවරධාරීන් අටදෙනකුම "බොදු බල සේනා" මගින් අල්ලා පොලිසියට බාරදී ඇත. මේ නුවන් නම් වූ ශ්‍රවණ වෙස්‌ගත් තරුණයා වැලිවේරිය පොලිසියට බාරදීමට බොදු බල සේනා සංවිධානය කටයුතු කළේය.

මෙවැනි ජාවාරම්කරුවන්, කට්‌ටඩින්, හදි හූනියම්කරුවන් හා චිවරයට මුවාවී ස්‌ත්‍රී දූෂණ කරන, වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදු කරන අය පිළිබඳ තොරතුරු වෙතොත් දුරකථන අංක 0777755658, 0114949653, 0112599808 අංකවලට දන්වන ලෙසද ඉල්ලා සිටී.

ශිරාන් රණසිංහ


පෙර ආත්මයේ නෑදෑයන් සොයමින් පුංචි මනුජ උඩුගම ගිහින්...

තිලකරන්න හා අනුෂා යුවළගේ කළුඳුල් දරු පැටියා වූයේ මනුජ මනිෂය. මේ පුංචි කොලුපැටියා තුළ බහතෝරන වියේ සිටම දක්‌නට ලැබුණේ අනිකුත් දරුවන්ට වඩා වෙනස්‌ ගති පැවතුම්ය. පුංචි කාලයේ සිටම කථා බහ කෙරුවේත් කරන්නට ගියේත් ලොකු ලොකු දේවල්ය.

බහතෝරන වියේදී අම්මා තාත්තා කියනවා වෙනුවට මේ පුංචි කොලු පැටියා මුමුනන්නට වූයේ සුදුනෝනා ලොකුපුතා, හිමාලි, තරිදු, කොළඹ, සමන්තුරේ ආදී නම් ගම්ය. අම්මේ මගේ මුහුණේ පූසකුගේ වගේ ලෝම තියෙන රැවුළක්‌ තියෙනවා. එසේ කියන මනුජ නිතරම රැවුල කැපීමටද යන්නේය.

ඒ විතරක්‌ නොව මේ කොලුපැටියා යාන වාහන වලට දැක්‌වූයේ දැඩි කැමැත්තකි. මාස දහයේදී පමණ ඇවිදීමට පටන්ගන්නා මනුජ වාහන පදවාගෙන යන අයුරින් බංකු ඇදගෙන දුවයි. තාත්තේ මට ත්‍රිරෝද රථයක්‌, බයිසිකලයක්‌ අරන් දෙන්න කියා නිතර කියන ඔහු සෙල්ලම් වාහනවලට හරිම කැමතියි. ඒ වගේම ලොකුපුතා සුදු නෝනා යන නම්ද මේ දරුපැටියා ගේ මුවෙහි විය. මේ අතර ඔහු මගේ නම සුදු මහත්තයා මගේ ගම උඩුගම කියා කියන්නටද පටන් ගත්තේය. අම්මේ මම සුළඟේ පාවෙලා ආවේ. එක්‌ දිනක්‌ මනුජ තම මවට කිව්වේය. මනුජ මේවා බොහෝවිට කියන්නට පටන් ගන්නේ ඔහු හුදකලා වූ අවස්‌ථාවලදීය.


මනුජගේ ගිය ආත්මයේ ඡායාරෑපයක්......
 





මව සහ පියා සමග මේ ආත්මයේ.......

මනුජගේ වයස අවුරුදු දෙක පිරෙද්දී එක්‌ දිනක ඔහු තම මවට මෙසේ කීවේය.

"අම්මේ අපි ගියපු ටිපර් එකේ දොර ඇරිලා වීසිවෙලා ගිහින් මාව වැටුණා. මගේ බෙල්ල කැඩුණා. මම එතනම ඉවර වුණා." මනුජ කීවේය.

මනුජගේ මව වන අනුෂාට තම පුතු මේ කියන කථාන්දර නොතකා සිටීමටද නොහැකි විය. ඇය ඒ පිළිබඳ කුහුලින් යුතුව සැමියා සමගද කතා කළාය.

පුතා පෙර ආත්මය ගැනවත් කියනවාද මන්දා?

අනුෂා තිලකරත්නට කීවාය.

ටික කාලයක්‌ යනවිට පුතා ඔය කියන කථා එයාටම අමතක වෙලා යාවි තිලකරත්න මේ ගැන ඒ හැටි ගණන් නොගෙන තම බිරිඳට කීවේය.

ඒ කොයි හැටි වෙතත් මනුජගේ මේ කියවිල්ල අඩු වූයේ නැත. ඔහු කියන දේවල් ගැන උනන්දු නොවී සිටීමටද ඔවුන්ට නොහැකි විය.

අනේ තාත්තේ අපි කාර් එකක්‌ ගමුද?

ඔහු මෝටර් රථයක්‌ මිලදී ගන්නා ලෙස නිතරම පියාට කිවේය. ඔහු ඇතැම් අවස්‌ථාවලදී පය පිට පය තබාගෙන පුටුවක්‌ මත වාඩිවී සිගරට්‌ දුමක්‌ බොන ආකාරයට දුම් වළලු පිට කරන අයුරුද මවත් පියාත් දුටුවෝය.

මනුජට වසර තුනක්‌ පිරෙද්දී ඔහු මේ කියන කථා තවත් විස්‌තර ඇතිව කීවේය. පුතා මේ කියන්නේ පෙර ආත්මය ගැන තමයි. ඒ ගැන කිසිදු සැකයක්‌ නැහැ. තිලකරත්න තම බිරිඳට කීවේය.

අනේ පව් අම්මේ සුදු නෝනා මනුජ නිතරමම කියන්න වූයේය. අම්මේ එදා අපි ටිපර් එකෙන් ගියේ සුදු නෝනා බලන්න. ටිපර් එකේ දහතුන් දෙනෙක්‌ ගියා. මගේ අක්‌කයි අයියයි මට ඕන. මනුජ තම මවට කීවේය.

මනුජ තමන් පෙර ආත්මයේදී උපන් නිවස ගැනද තොරතුරු කියන්නට විය.

අපේ ගෙදරට යන්න තිබුණේ ගල්වලින් පැනලා. පොඩි අඩි පාරක්‌ දිගේ. මගේ ත්‍රිරෝද රථය මග දමලා පයින් තමයි ගෙදරට ගියේ. අනේ අම්මේ අපේa ගෙදර යමු. මම ගෙදරට යන පාර පෙන්වන්නම්.

මනුජ දෙමව්පියන්ට නිතරම ඇවිටිලි කළේය.

මනුජ සිව් හැවිරිදි වියේ පසුවෙද්දී ඔහු පෙර පාසල් යෑවීමට මනුජගේ දෙමව්පියෝ කටයුතු කළහ. පෙර පාසල් ගොස්‌ අනිකුත් ළමුන් සමග සම්බන්ධ වුවද මනුජ මේ කියන කථා නතර කළේ නැත. පෙර පාසලේදීද මේ පුංචි කොලු ගැටයා කරන්නට ගියේ වැඩිහිටියන් කරන දේවල්ය.

තාත්තේ තාත්තාට වඩා මම උසයි. මට ත්‍රිවිලර් ගෙනියන්න පුළුවන්. මම රට වටේ ගිහින් තියෙනවා. මට වාහන තිබුණා. මට පුතාලා දෙන්නෙක්‌ ඉන්නවා. මනුජ කියාගෙන යන්නේය.

එක්‌ දිනක්‌ මනුජ රූපවාහිනිය නරඹමින් සිටියදී දෙවුන්දර ප්‍රදීපාගාරය පෙන්වන අයුරු ඔහු දුටුවේය.

අම්මේ ඔය කුළුණ බලන්නත් මං යාළුවෙක්‌ එක්‌ක ගියා. කුළුණ ළඟ හිටපු මුරකාරයට මොනර කොළයක්‌ දීලා තමයි මමයි යාළුවයි කුළුණ උඩට නැග්ගේ. මනුජ තම මවට කීවේය.

මේ පුංචි කොළු පැටියාගේ දැන් වයස අවුරුදු හතකි. ඔහු අකුරු කිරීමට යන්නේ අක්‌මීමන කුරුඳුවත්ත සුමංගල විද්‍යාලයේ දෙක වසරටය. මේ පුංචි පුතා දෙක වසරේ ඉගෙනුම ලබමින් සිටියදී තවත් හරි අපූරු කථාවක්‌ මවට කීවේය.

අම්මේ මගේ පුතාලා දෙන්නත් මං වගේ කොට කලිසම් ඇඳගෙන තමයි පාසල් ගියේ. එදා අනතුර වුණාට පස්‌සේ උඩුගම රෝහලට තමයි මාව අරන් ගියේ. දොස්‌තර මහත්වරු මගේ ඇඟ උඩ නැගලා පපුවට අත තියලා මොනවාද ඇල්ලුවා. එතකොට මම මැරිලා.

පුංචි පුතා තවත් කතාවක්‌ කීවේය.

මනුජ තුළ ඇති විශේෂ හැකියාවක්‌ වන්නේ මෝටර් රථවල කෑලි හඳුනා ගැනීමට ඔහු තුළ ඇති සහජ දක්‍ෂතාවයි. ඒ විතරක්‌ නොව ගීත ගායනා කිරීමට මේ කොලු පැටියාට ඇත්තේ පුදුම දක්‍ෂතාවකි. "අනේ අම්මේ උඩුගම යමු" කියා මනුජ නිතරම මවට ඇවිටිලි කරන්නේය.

දිනය ඉකුත් 25 වැනිදාය. එදින උදැසනින්ම මනුජ අවදි වූයේය. අර මිනිස්‌සු මාව සිහිපත් කරලා තාම දානත් දෙනවා ඇති. මනුජ තම මව්පියන්ට කීවේය. අනේ තාත්තේ අද නම් උඩුගම යන්නම ඕන. මනුජගෙන් බේරුමක්‌ නැතිවිය. පසුව තිලකරන්න බිරිඳගත් දරුවාත් සමග තම ත්‍රිරෝද රථයෙන් උඩුගම බලා පිටත් වූහ. මේ ගමනට තිලකරන්නගේ මිතුරෙකුද සම්බන්ධ කර ගත්තේය. මොවුන් කෙලින්ම ගියේ උඩුගම පොලිසියටය. පොලිසියේ ලොකු මහත්තයා හමුවී දරුවා කියන කථාව ඔහුට කීවේය.

මීට වසර දහයකට එකොළහකට පමණ ඉහතදී උඩුගම පොලිස්‌ බල ප්‍රදේශය තුළ වූ රිය අනතුර පිළිබඳ සොයා බැලීමට පොලිස්‌ පොත පෙරළන්නට විය. පොලිසියේ ලොකු මහත්තයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් මේ සඳහා තිලකරත්නට ලබාදුන්නේ විශාල සහයෝගයකි. පොලිස්‌ පොත පෙරලමින් සිටියදී 2001.08.26 වන දින උඩුගම බාර් හන්දිය අසලදී වූ අනතුරක්‌ ගැන එම පොතේ සටහන් වී තිබිණි.

ටිපර් රථයක්‌ පෙරළීමෙන් මෙම අනතුර සිදුවී තිබූ අතර එක්‌ අයෙකු මිය ගොස්‌ තිබිණි. අනතුරෙන් මියගොස්‌ තිබුණේ හෙට්‌ටිගමගේ උදය කැළුම් (35) නැමැති දෙදරු පියෙකි. ඔහු උඩුගම කැටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවද සඳහන් විය.

මේ කොලු පැටියා කියන කථාවත් මේ අනතුරත් පිළිබඳ සොයා බැලීමේදී මේ නැවත ඉපදී සිටින්නේ ගිය ආත්මයේදී මිය ගිය උදය කැළුම් බව මනුජගේ පියා මෙන්ම පොලිසියේ මහත්වරුද දැඩිව විශ්වාස කළහ. පොලිසියේ මහත්වරු උදය කැළුම් පදිංචිව සිටි නිවසට කථාකොට සියලු තොරතුරු කීවේ ඉන් පසුවය. එදින උදය කැළුම් මියගොස්‌ වසර එකොළහක්‌ පිරීම නිමිත්තෙන් නිවසේ දානමය පිංකමක්‌ද පැවැත්වෙමින් තිබිණි. මේ ආරංචිය ඇසීමෙන් උදය කැළුම්ගේ පවුලේ අය දැඩි සතුටට පත්ව සිsටියෝය.

ඉන්පසු තිලකරත්න දරුවාද කැටුව උදය කැළුම් පදිංචිව සිටි නිවසට ගියේය. දරුවා ත්‍රිරෝද රථයෙන් බසිනවාත් සමග සුදුනෝනා දිවගොස්‌ මේ අපේ හිච්චි මාමනේ කියා වඩාගෙන නිවස තුළට රැගෙන ගියාය. අනේ අපේ හිච්චි මල්ලි නැවත ඉපදිලා. ගිය ආත්මයේ උදය කැළුම්ගේ වැඩිමහල් සහෝදරිය කීවාය.

ඉන්පසු සුදු නෝනා අනතුරට පත් ටිපර් රථයේ ඡායාරූපයක්‌ පෙන්නුවාය. මනුජ පුතා එම ටිපර් රථය දිහා ටික වේලාවක්‌ බලාගෙන සිටියේය. නිල්පාට ටිපර් රථයක්‌ තිබුණේ. කෝ ටිපර් රථයේ දොර මනුජ පුතා ඇසුවේය. ටිපර් රථයේ දොර නිවසේ පැත්තක දමා තිබුණේය. මනුජ එතනට ගොස්‌ එදා අනතුරට ලක්‌වූ ටි්‍රපර් රථයේ දොර මෙය බවද හඳුනා ගත්තේය.

ඉන්පසු උදය කැළුම්ගේ නිවසේ අය උදයගේ පුතකුගේ ඡායාරූපයක්‌ද මනුජට පෙන් වූයේය. මනුජ එම ඡායාරූප දිහා බලාගෙන සිටියේ දැඩි සෙනෙහසකිනි. ඉන්පසු දුරකථනයෙන් එම පුතු සමග මනුජ කථා කළේය. මාව බලන්න එන්න කියා මනුජ කීවේය. මනුජ පුතු නිතරම සුදු නෝනා ගැන කීවේය. සුදුනෝනා මනුජගේ පෙර ආත්මයේ වැඩිමහල් සහෝදරියගේ දියණියයි.

ඇය අනුරාධා නාගහවත්ත. අනුරාධා අප සමග මෙසේ කීවාය.

මට දැනුණේ අපේ හිච්චි මාමා නිවසට එනවා වගේ. පුදුම බැඳීමක්‌ තමයි ඇතිවුණේ මින් පස්‌සේ හිච්චි මාමාට පිං දීලා ප්‍රාර්ථනා කරන්නේ දීර්ඝායුෂ ලැබෙන්න කියලා.

මට බබෙක්‌ ලැබෙන්න උඩුගම රෝහලට ඇතුළුවෙලා හිටියේ හිච්චි මාමලා ටිපර් රථයෙන් ආවේ මාව බලන්න. ඒ එන අතරතුරේදී තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.

මට එදා හොඳට මතකයි හිච්චි මාමා උඩුගම රෝහලට ගෙන ආ වෙලාවේ දොස්‌තර් මහත්වරු වට කරගෙන හිච්චි මාමාගේ ඇඟ උඩ නැගලා කෘත්‍රීම ස්‌වශනය දෙන්න උත්සාහ කළා. ඊට පස්‌සේ තමයි කරාපිටිය රෝහලට රැගෙන ගියේ. ඒ අතරේ තමයි හිච්චි මාමා මියගියේ.

මම රෝහලට ඇතුළත් වෙන්න යනවිට ඇඳුම් දමාගෙන යන්න හිච්චි මාමගේ බෑගය තමයි මට දුන්නේ. හිච්චි මාමා තමයි මේ නැවත ඉපදිලා ඉන්නේ. ඒ ගැන සැකයක්‌ නැහැ.

මනුජ පුතා ඉපදී ඇත්තේ 2005.01.27 වන දිනය. ඔහු ගිය ආත්මයේදී මියගොස්‌ ඇත්තේ 2001.08.26 වන දිනය. ඒ මේ කියන තොරතුරුවල අනුව වසර හතරකුත් මාස දෙකකට පසු මොහු යළි ඉපදී තිබේ.

ගිය ආත්මයේදී මනුජගේ ලොකු අක්‌කා වන හෙට්‌ටිගමගේ ශ්‍රියානි ධර්මලතා (53) මෙසේ කීවාය.

මගේ දුවට බබෙක්‌ ලැබෙන්න හිටියා. ඇය හිටියේ උඩුගම රෝහලේ. එදා මගේ ලොකු පුතාගේ ටි්‍රපර් රථයෙන් තමයි උඩුගම රෝහලට ගියේ ටිපර් රථයේ දහතුන් දෙනෙක්‌ ගියා. හිච්චි මල්ලි වසර කිහිපයක්‌ සවුදි රටේ රියෑදුරකු ලෙසත් රැකියාව කළා. ඔහු හොඳ රියෑදුරෙක්‌. මම ගොඩක්‌ ආදරෙයි. බිරිඳත් එක්‌ක තරහවෙලා ඇවිත් මගේ ගෙදර තමයි හිටියේ. ඔහු කාලයක්‌ මහණ වෙලාත් හිටියා. හිච්චි මල්ලි සෙල්ලක්‌කාර ජීවිතයක්‌ තමයි ගත කළේ.

මල්ලිට අපල තිබූ නිසා දින හතක බෝධි පූජාවක්‌ කිරීමටත් කියා තිබුණා නමුත් බෝධි පූජාව කරන්න පුළුවන් වුණේ දින හතරයි. හතරවන දිනයේ මල්ලි මත්පැන් බීලා තිබූ නිසා බෝධි පූජාව කළේ නැහැ. මල්ලි මගේ ලොකු පුතාට හා දියණියට ගොඩක්‌ ආදරෙයි. මේ දරුවා කියන කථාව ඇත්ත. මේ දරුවා නිවසට ආපු අවස්‌ථාවේ මට දැනුණේ ඥතියකු එනව වගේ පෙර ආත්මයේ බැඳීමක්‌ කියලා හිතුනා. හිච්චි මල්ලි මිය ගියාට පසු ඔහුගේ බැල්ම අපේ පවුලට තිබුණා කියලා හිතෙනවා.

අපේ පවුල දියුණු වුණා වාහන 23 ක්‌ විතර තිබුණා ලොකු පුතාට කාර්සේල් ආයතනයක්‌ තිබුණා මල්ලි නැවත ඉපදුනාට පසු පවුලේ දියුණුව නැති වුණා. තිබූ යාන වාහන නැතිවුණා කියලා විශ්වාස කරනවා. නැවත ඉපදිලා ඉන්නේ අපේ හිච්චි මල්ලිම තමයි.

මනුජ මේ නිවසේ සිටින විටදී ගිය ආත්මයේදී ඔහුගේ හොඳම මිතුරෙකු වන පී. ආර්. වික්‍රමරත්න (42) මෙම නිවසට පැමිණියේය. මනුජ ඔහු හොඳින් හඳුනා ගත්තේය. අපේ ගෙදර තියෙන්නේ අක්‌මීමන කැටන්දොල. අපේ ගෙදර ඇවිත් යන්න කියා මනුජ පුතා දෙපාරක්‌ම තම ගිය ආත්මයේ මිතුරාට කීවේය.

සැඳකැළුම් (ගිය ආත්මයේ) මගේ හොඳ මිතුරෙක්‌. මාත් එක්‌කම තමයි හිටියේ. මැරෙන මොහොතෙත් මම ළඟින්ම හිටියා. වැලි ලොරියේ ගියේ මාත් එක්‌ක දක්‍ෂ රියෑදුරෙක්‌. මිය යන්න ටික දිනකට කලින් ගඟෙන් කෙන්දා නමැති මාළුවෙක්‌ද මට අල්ලලා දුන්නා.

මීට වසර එකොළහකට පමණ ඉහතදී මෙම අනතුර වූ ස්‌ථානයටද අපි ගියෙමු. එදා අනතුර වන අවස්‌ථාවේ අනතුරට පත් තුවාලකරුවන් වාහනයට පැටවීමට උදව් කළ රංජිත් තිලක්‌ වන්නිආරච්චි අප සමග මෙසේ කීවේය.

ටිපර් රථය ගලක්‌ උඩින් ගිහින් පෙරළිලා ටික දුරක්‌ ආවා. ටිපර් රථයේ හිටපු අය වීසිවුණා ඔය උදය කැළුම් වීසිවෙලා වැටුණේ අර තාප්පය ළඟට රංජන් කීවේය.

මේ පිළිබඳ අපි විශේෂඥ මනෝවෛද්‍ය මහාචාර්ය ඩී. වී. ඡේ. හරිස්‌චන්ද්‍ර මහතාගෙන්ද විමසීමක්‌ කළෙමු.

මේ වගේ සිද්ධීන් මීට ඉහතදීන් වාර්තාවෙලා තියෙනවා. මහාචාර්ය ස්‌ටීවන් මේ පිළිබඳ පර්යේෂණ 1700 ක්‌ විතර සිදුකොට තියෙනවා. ලංකාවේ වූ සිද්ධීන් දහයක්‌ විතර එම පර්යේෂණයට අයත්. ඇත්තටම මේ වගේ සිද්ධීන් ගැන ආගම් බේදවලින් තොරව විද්‍යාත්මකව පර්යේෂණ කිරීම ළමා මනෝ වෛද්‍ය විද්‍යාවට ඉතා වැදගත්.

ලලිත් චාමින්ද

දිවයින ඉරිදා සංග්‍රහය 2012-09-02




සැදැහැවත් බෞද්ධයෙකු විසින් වැඳපුදා ගත යුතු මහා පුදබිම් හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ සේක. එම පුදබිම් සතර මෙසේය. සිදුහත් කුමරු උපන් ලුම්බිනිය (මෙකල නේපාල දේශයේ) සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ බුද්ධගයාව ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවය. එම පුදබිම් හතර ම පිහිටා ඇත්තේ නූතන ඉන්දියාවේ ය.
අප මෙම ලිපියෙන් විශේෂ අවධානය යොමු කරවන්නේ කපිලවස්තු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා පිළිබඳවය. ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව පසුගිය 19 වැනිදා විශේෂ ඉන්දියානු ගුවන් යානාවකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ ඉන්දියානු සංස්කෘතික ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය විසිනි.
අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට මල්ල රජදරුවන් විසින් සියලු පුද පූජා ගෞරවයන් සිදු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ ශශ්‍රී දේහයට පුද පූජා පැවැත්වීම පිණිස මහා සංඝයා වහන්සේලා ද රාජ රාජ මහා මාත්‍යාදීන්ටද අවස්ථාව සළදා දීම සඳහා දින හතක් ම එම පුද පූජා පැවැත්වුණි. හත්වන දිනයේ දී මල්ල රජදරුවන් විසින් මහ පෙරහරකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය සඳහා මකුටබන්ධන නම් ස්ථානයට වැඩම කරවන ලදී. මහා කාශ්‍යප සහ ආනන්ද මහතෙරුන් වහන්සේලා ගේ උපදෙස් අනුව සම්බුද්ධ ශශ්‍රී‍්‍ර දේහය ආදාහන පූජාව සිදුකරවන ලද්දේ සියලු ගෞරව හා පූජා මධ්‍යයේ ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ඉතිරි වූ සර්වඥ ධාතුන් වහන්සේලා මල්ල රජදරුවන් විසින් ඔවුන්ගේ සභා ශාලාවෙහි තැන්පත් කර එහි වඩා හිඳුවා දින හතක් ම පුද පූජා පවත්වන ලදී.
(දඹදිව සිව් මහ පුද බිම් සිරිසමන් විජේතුංග පි.86 – 87 - 2011 ) මේ අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පුවත දඹදිව සිව් දිසාවේම පැතිර ගියේ ය. ඒ අවස්ථාවේදි සම්බුද්ධ ශරීරය ආදාහනය කළ පසු ඉතිරි වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තම තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් රජවරු, රාජකුමාරවරු පැමිණියහ. මෙය තරමක කලබලකාරි ස්වභාවයකට පත්වූ අවස්ථාවේ දී එය සමථයකට පත්කිරීම සඳහා බ්‍රාහ්මණයෙක් ඉදිරිපත් වී ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා කොටස් අටකට (8) බෙදා දීමට සැලසුම් කළේය. එම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා පහත සඳහන් රජවරුන්ට හා කුමාරවරුන්ට “ද්‍රෝණ” නම් බ්‍රාහ්මණයා බෙදා දුන්නේය. ඔවුන් මෙසේය. 1. කුසිනාරාවේ මල්ල, 2. මගධයේ රජු වූ අජාසත්ත, 3.වෛශාලියේ ලිච්ඡවීන් 4. කපිලවස්තුවේ ශාක්‍යයන් 5.අල්ලකප්පයේ බූලීන් 6.රාමග්‍රාමයේ කෝලිය 7. පාවානුවර මල්ල රජදරුවන් හා 8. වේදදීප යන අය වූහ.
මෙයින් කපිල වස්තුවේ (කපිල වස්තු නොව නිවැරැදි වහර කපිලවාස්තු යන්නයි) ශශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට දෙවන වතාවට ද වැඩම කරවන ලදී. මෙහිදී ධාතු බෙදීම ගැන සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දෙන අවස්ථාවට ප්‍රමාද වී පැමිණී පිප්පලී වනයේ මෝරිය වරුන්ට ලබා ගැනීමට හැකි වුයේ අ¼ගුරු ය. ද්‍රෝණ බමුණා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බෙදීමට යොදා ගත් භාජනය ලබා ගත්තේය.
මීට වසර 34 ට ඉහත දී ශ්‍රී ලංකාවට කපිල වස්තු ශශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා වැඩම කළේ 1978 අපේ‍්‍රල් මස 22 දාය.
අසෝක රජතුමා (ක්‍රි.පූ. 272- 232) පුරාණ දඹදිව පුදබිම් පිළිබඳව 19 වන සියවසේ දී පවා හඳුනාගැනීමට ඉන්දියානු පුරාවිද්‍යාඥයින්ට මග පෑදුවේය. ඊට අමතරව ක්‍රි.ව. පස්වන සියවසේ දී ෆාහියන් හිමියන් ද ක්‍රි.ව. 7 වන සියවෙසේදී හියුංෂා හිමියන් ද විසින් (ඒ දෙදෙනා වහන්සේ ම චීන ජාතිකයින්ය) පුරාණ දඹදිව සංචාරය කර සංචාරක සටහන් ද ලියන ලදී.මෙම සංචාරක සටහන් අනුව අසෝක රජතුමා ඉදිකරන ලද ටැම්ලිපි ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් පුරාවිද්‍යාඥයා බුද්ධගයාව ඉන්දියාව පිළිබඳ ග්‍රන්ථයක්ද සම්පාදනය කළේය. එය Geography of Ancent India නමින් පළ වූයේ ය. මෙහි පුරාණ දඹදිව පිළිබඳ වාර්තාවන් අඩංගු වේ.

කපිල වස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා හමුවීම

බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී 1898 තවත් ඉංගශ්‍රීසි ජාතික ඉඩම් හිමියෙකු විසින් (විලියම් පෙපේ) ලුම්බිනියෙන් කි.මී.13 පමණ දුරින් දේශසීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි ජිප්රාහවා නමැති ගමෙහි තිබූ ස්තූ®පයක් යැයි සැක කළ හැකි ගොඩනැගිල්ලක් මැදින් දිගට ඇතුළට කැණීම් කරන ලදී. ඒ මහතාට කිලෝග්‍රෑම් 669 පමණ බර අතිවිශාල ගල් පෙට්ටියක් හමු වූයේය. එහි පියන විවෘත කළ විට ඒ තුළ ඉතාමත් විශ්මයජනක දර්ශනයක් දැකීමට ලැබුණි. රවුම් වූ ගල් කරඬුවක් ද එහි දී හමුවිය. එහි බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියන ලද පාඨයක් ද විය. එය මෙසේය.
ඉයං සලිල නිධනෙ බුදස භගවතෙ සකියානං
සුකිති භතිනං සහගිනිකානං සපුතදලනං
මෙහි සිංහල අදහස මෙසේය.
සුකිති සහෝදරයන් විසින් තම සහෝදරියන් සහ අඹුදරුවන් සමග ශාක්‍ය වංශයෙහි උපන් භාග්‍යවත් බුදුන්ගේ මේ ශරීරධාතු නිධානය කරවන ලදී.
(කපිලවස්තුව - පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ හිමි පි. 36 (2000)
කිසිදු සැකයකින් තොරව මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බව මෙහි දී සඳහන් කළ යුත්තේ සැදැහැ සිතිනි.
1971 වර්ෂයේ ජනවාරි මාසයේ දී එච්. ශ්‍රී වස්තව මහතාගේ අධ්‍යක්‍ෂකත්වයෙන් පිප්රහවා නගරයේ කැණීම් කටයුතු ආරම්භ විය. 1973 දී ඉතා වැදගත් සොයාගැනීම් රැසකට පසුව ‘කපිලවත්ථු’ යන නාමය සඳහන් වූ මුද්‍රා සටහන් සොයාගන්නා ලදී. පිප්රහාවා නගරය යනු ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද නිග්‍රෝධාරාමය පිහිටි භූ®මි ප්‍රදේශය හා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර සාදන ලද ස්තූපය වටා ඉදිකරන ලද ආගමික මධ්‍යස්ථානයකි.
1971 කරන ලද පුරාවිද්‍යා කැණීම් වලින් මෙම ස්තූපය මුලින්ම ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේදී ගොඩනගන ලද බවත් ඉන්පසුව අවස්ථා දෙකකදීම විශාල කර ඇති බවත් හෙළි විය.
ලුම්බිනි නම් වූ පුදබිම හඳුනා ගැනීමට හැකි වූයේ අසෝක රජුගේ එහි පිහිටුවන ලද අසෝක ස්තම්භයේ ලියන ලද බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලේඛනය නිසාය. සිදුහත් කුමරු එහි උපන් බව එහි සඳහන් වේ. මෙම පිප්රාවාහි ඇති ස්තූ®පය ද තවත් දෙවරක් සංරක්‍ෂණය කර ඇති බව පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. ක්‍රි.පූ. 5 වන සියවසට පසුව අසෝක රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.පූ. 272 – 232) එක් අවදියකි. අනෙක් අවදිය ක්‍රි.ව. දෙවන සියවසේ දී කණිෂ්ක රාජ යුගයයි. ඒ කුශාන වංශික රජ කෙනෙකි.
ඉහතින් සඳහන් කළ ශිලා ලේඛනය කිසිසේත්ම ශාක්‍යවංශික ඥාතීන් (සහෝදරයින්) විසින් ලියවන ලද්දක් නොවන බව ඉතා පැහැදිලිය. එම බ්‍රාහ්මී අක්‍ෂර අයත් වන්නේ අසෝක රජු යුගයටය. අසෝක රජතුමාගේ අනුග්‍රහයෙන් මෙම ස්තූ®පය සංරක්‍ෂණය කිරීමේ දී මෙම ස්තූ®පය හඳුනාගෙන (ශාක්‍යයන් විසින් කළ බව) මෙම ශිලා ලේඛනය සහිත ධාතු මංජුසාවේ එම බ්‍රාහ්මී අක්‍ෂර කොටවන්නට ඇත. අසෝක රජතුමා විසින් ඔහුගේ 14 වන රාජ වර්ෂයේ දී (කපිලවස්තුවට ගොස්) එකල තිබූ කනකමුනි බුදුරජාණන් වහන්සේ උපන් (කෝණාගම බුදුරජාණන් වහන්සේ) පුදබිමේ තිබූ ස්තූපය විශාලකර සෑදු බව ද (ක්‍රකුචන්ද) කකුසඳ බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානයේද ස්තූපයක් ඉදිකළ බව සඳහන් වේ.(ARCHAEOLOGICAL REMAINS of KAPILVASTU LUMBIN and DEVDAHA –B.K RIJAL P.9 – 1979 INDIA)
මෙම ජිප්රාවා කැණීම් වලින් තහවුරු වූ මෙම අක්‍ෂර කිසිසේත්ම ක්‍රි.පූ. 5වන සියවසේදී ශාක්‍ය කුමාරවරුන් විසින් ලියවන ලද්දක් නොවන බව සඳහන් කළ යුතුව ඇත.

බුදුසරණ - 2012-08-31

No comments:

Post a Comment