පිස්සාගේ පලා මල්ල


අහඹු පෙමට මැදි වෙච්චී මරු බිලි ගති අප්පච්චී


ඇය ලස්‌සනය. කතාබහ නොකරන විටත් ඇගේ දිගු නෙත් මොන මොනවදෝ කතා කළේය. ඇයට තිබුණේ කතා කරන, ලස්‌සන ඇස්‌ දෙකකි. වයස අවුරුදු දාහත පිරුණේ මීට මාස කිහිපයකට පෙරය. අපි ඇයට බිපාෂා යෑයි කියමු. මෙතැන් සිට දිග හැරෙන්නේ බිපාෂාගේ ජීවිතයේ අමරණීයම ප්‍රේමයේ කටුක, බියකරු මෙන්ම මිහිරි අත්දැකීම්ය.

බිපාෂා තවමත් දාහත් හැවිරිදිය. වයස අවුරුදු දාහත යනු කටේ කිරි සුවඳ හරි හැටියට පහව නොගිය හිරිමල් යොවුන් වයසකි. ඇය මල්වර වී ඒ හැටි කලක්‌ ද ගත වී නැත. මල්වර වූ දවසේ ඇගේ මවත්, වැඩිහිටි නැන්දලාත් ඇයට අවවාද අනුශාසනා කළේ දැන් ඉතිං ඔයා පොඩි දරුවෙක්‌ නොවේ කියාය. වාඩිවන හැටි, යන එනකොට පරිස්‌සම් වෙන හැටි, විශේෂයෙන්ම පිරිමින්ගෙන් සිය ආත්මය රැකගත යුතු හැටි මවත්, වැඩිහිටි නැන්දලාත් කී දේවල් ඇයට අදටත් හොඳ හැටි මතකය.

හිරිමල් යොවුන් වියේ වෙනස ඇයට දැනුණේ ළය උස්‌වී, මුහුණේ කුරුලෑ පැමිණ සිරුර අමුතු ලෙස වෙනස්‌ වන විටය. කොටට තිබූ හිසකේ දිගු වරලසක්‌ව, අත පය, මුහුණ පිරී යන හැටි ඇය බලා සිටියේ ආසාවෙනි. කැඩපත ඉදිරිපස සිටගන්නා බිපාෂාට ඇගේ රුව ගැනම ලෝභ සිතිණි. හිරිමල් යොවුන් වියට පිවිසෙන කොයි යුවතියටත් දැනෙන හැඟීම් ඇගේ සිතට ආදරණීය හැඟුම් මෝදු කළේ ඇයටත් නොදැනය. පාසල් යන එන විට උපකාර පන්තියට යන එන විට ඇයටද, තරුණයන්ගේ උකුසු ඇස්‌වලින් බේරී සිටීමට නොහැකි විය. ඒත් ඇය සිත සන්සුන් කරගත්තේ ආදරණීය, ප්‍රේමණීය හැඟුම් ජලයේ තිබූ රබර් බෝලයක්‌ සේ යට ගසමිනි.

පැණි රස කෑමට කොයි දරුවත් කැමතිය. ඇයට සිය හදවතේ මෝදුවන ප්‍රේමණීය හැඟුම්ද පැණි රස සේ ප්‍රිය වන්නට විය.

දිනක්‌ රාත්‍රියේ බිපාෂාගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබිණි. දුරකථනය අතට ගන්නවාත් සමග ඇමතුම නිසා නැඟුණ සංගීත නාදය නතර විණ.

"කවුද" ඇයට සිතිණි.

ලැබුණ ඇමතුමට යළි ඇමතුමක්‌ ගත් ඇය ඇසුවේ "කවුද?" කියාය.

"මම සම්පත්"

"කවුද සම්පත්"

සම්පත්ගේ කන වැකුණු හඬ කර්ණ පටහ පටලය හරහා ගලා ගියේ හදවතටය. ඒ හඬ මොන තරම් මිහිරිද?

සම්පත් ඇඳේ විට්‌ටමට ඔළුව තබාගෙන ඒ මිහිර වින්දේ සතුටින්ය.

"නංගි, වැරදිලයි ඔයාට ඇමතුම ගියේ. සොරි" ඔහු කීවේ අමුතු ස්‌වරයකිනි.

ඒ හඬ වචන උච්චාරණය පිළිබඳ ඇයටද අමුතු හැඟුමක්‌ ඇති කළේය.

"මම තියන්නම් අයියා" ඇය දුරකථනය විසන්ධි කළේ ඒ ඇමතුම එතැනින් නිම කරමිනි.

රාත්‍රි නින්දට ඇය ගියේ වෙනසක්‌ නැතුවය. හෙට පන්ති, පන්තියේ වැඩකටයුතු සිහිකර කර නින්දට වැටුණ ඇය නැගිට්‌ටේ ඊළඟ දවසේ මවගේ කටහඬටය.

පන්තිය අහවර කර ඇය නිවසට පැමිණියාය. රාත්‍රියේ පෙරදා පැමිණි ඇමතුම යළි ලැබිණි. ඇයට ඒ නොම්මරය හුරුය. ගන්නවාද? නැද්ද? ඇය කල්පනා කළාය.

ගමු... ගමු... තරුණ සිත බල කළේය.

එපා... එපා ගන්න එපා ඒ සිතට යළි බල කළේය.

එපා දේ ලබා ගන්න මිනිස්‌ සිත හරි කැමැතිය. ලෝභය. ඇයටද ඒ ලෝභකම දැනිණි.

"හෙලෝ" ඇය කතා කළේ ගැහෙන හදිනි.

"මාව මතකද? ඊයේ මිස්‌ කෝල් එක"

"ඔව්"

"මම කෝල් එක ගත්තට තරහද?"

එහා කෙළවරින් මුකුත්ම ඇසුණේ නැත. සම්පත් යළි කතා කළේ දුරකථනයෙන් ඇසෙන හුස්‌ම ඉහළ පහළ යන හඬ විඳිමිනි.

"මම මේජර් සම්පත්. පනාගොඩ කෑම්ප් එකේ ඉන්නේ." ඔහු කීවේ ළෙන්ගතු හඬිනි.

"මම තියන්නම් අම්මා එනවා" ඇය දුරකථනය විසන්ධි කළාය.

ඒ මිස්‌ කෝල් එකට බිපාෂාගේ හදවත සිදුරු වී ගියේ එලෙසිනි.

ඇය රූපවාහිනිය ඉදිරිපස වාඩි වී මෙගා ටෙලි නාට්‍යයක පෙම් ජවනිකාව බැලුවේ අමුතු උද්දාමයකිනි.

සිත සිසිලකින් සැලී ගොසිනි. රූප රාමුවල දෙබස්‌, පෙම් ජවනිකා ඇයට දැනුණේ ප්‍රේමයේ මිහිර කොපමණදැයි කියන්නාක්‌ පරිදිය.

දැන් ඇය සිටින්නේ ඒ ගැඹුරු පිරිමි හඬ දුරකථනයෙන් අසන්නට ආශාවෙනි.

ඔහුද ඇයට, ඇගේ කටහඬට බැඳී ගොස්‌ හමාරය. දිනපතාම දෙදෙනා ජංගම දුරකථනය කනෙත් කටෙත් ගසාගෙන කතා කළේ ප්‍රේමයේ මිහිර විඳිමිනි.

"මට ආසයි ඔයාව බලන්න. මම ඔයාට ආදරෙයි" වැඩිකල් යන්නට මත්තෙන් සම්පත් කීවේ පළපුරුදු පෙම්වතකු ලෙසිනි.

ඇය දාහත් හැවිරිදි පුංචි දැරියක වූ නිසා.... ඇයට සම්පත්ගේ හැම වචනයක්‌ම තුරුණු හැඟුම් මෝදු කරන තැනට පත්කර තිබිණි.

"ඉතිං එන්න... අපි ඉන්නේ කඹුරුපිටියේ..."

"නිවාඩුවට මම එනවමයි" ඔහු කීවේ ප්‍රේමය ඒ තරමට වැඩුන පසුවය.

උපකාරක පන්තියට යන විටත් එන විටත් ඇයගේ කනේ ජංගම දුරකථනය. නාන කාමරයට වැදුණත් ඇය එය රැගෙන යැමට අමතක නොකළේ ඔහු ඉඩ ලද හැම විටම කතා කරන බව දන්නා නිසාය.

බිපාෂාගේ මවටත්, පියාටත් ඇය මේ තොර තෝංචියක්‌ නොමැතිව කතා කරන්නේ කා සමගද යන්න සොයන්නට වෙලාවක්‌ නොතිබුණේද? නොමැතිනම් වුවමනාවක්‌ නොතිබුණේදැයි ඔහුට සිතිණි.

"තාත්තා මොකක්‌ද කරන රස්‌සාව" ඔහු දිනක්‌ ඇයගෙන් විමසුවේය.

"තාත්තා සාජන් මේජර්, එයා දැන් රිටයර්ඩ්" ඇය එසේ කීවේ කිසියම් අභිමානයකිනි.

"ඇත්තද? එහෙනම් ගොඩක්‌ හොඳයි" මේජර්වරයා සිය තනතුර පිළිබඳ සිතමින් කීවේ ඇය හිනස්‌සමිනි.

ඔහු සාලියපුර හමුදා කඳවුරට මාරුවී ගියේ ඒ අතරය. මේජර් සම්පත් හමුදා පුහුණු කටයුතු භාර නිලධාරියාය. නිතිපතා ශාරීරික අභ්‍යාසවල යෙදෙන මේජර් සම්පත් කඩවසම්ය. සිරුර හැඩි දැඩිය. පිරිමියකුට ඔබින උස මහතින් සමන්විතය. හඬ තියුණුය. ගැඹුරුය. බැලූ බැල්මට හොඳ පිරිමියෙකි. හමුදාවේ මේජර් නිලය ඔහුට ගෙනාවේ ආඩම්බරයකි. හමුදා ජීවිතයෙන් ලද එඩිතරකම, තීරණ ගැනීමේ ශක්‌තියද ඔහුට ලැබුණේ මේ හමුදා දිවි පෙවෙතිනි. කමාන්ඩෝ සටන් ජවනිකා, යුද්ධ හා ත්‍රාසජනක ඉංගී්‍රසි චිත්‍රපට බැලීම ඔහුගේ එක්‌ විනෝදාංශයක්‌ වී තිබිණ.

දැන් සම්පත්ට බිපාෂා නැතුව බැරිය. බිපාෂාට ද එහෙමය.

"මම නිවාඩු එනවා"

"හෙට මට ක්‌ලාස්‌" බිපාෂා දුව කීවේ සතුටිනි.

"මම වාහනේ එන්නේ. ක්‌ලාස්‌ එක ළඟට ඇවිත් මම කෝල් කරන්නම්."

"ඇය එදින උදැසනම නැගිට දත් මැද්දේය. මදි තව ටිකක්‌ මැදගන්න ඕනේ. මුහුණ හෝදල මදි. නාගන්නවා" ඇය ඇති පදමට නෑවාය.

ඉන්පසුව තිබෙන හොඳම ගවුම් එකින් එක ඇඳ බැලුවේ.... ලස්‌සනම ඇඳුම තෝරමිනි.

"අදටත් මම ඔබගේ... පළමු පෙම්වතා..." ගීතය එµa.එම්. නාලිකාවකින් විකාශනය වනවාද ඇයට ඇසිණි.

කී පරිදිම ඔහු පියවි ඇසින් නොදුටු පෙම්වතිය සොයා එමින් සිටියේය.

"දිගු දැස දුටුවාම... හැඟෙනවා පෙරසේම..." ගීතය අඩංගු තැටිය වාහනයේ වාදනය වෙද්දී ඔහු ඇය එවා තිබූ ඇගේ ඡායාරූපය දෙස බැලුවේ ලෝබයෙනි.

"ලස්‌සන කෙල්ල" මම මෙයාව බඳිනවා. ඔහු ඒ වන විටත් ඒ තීරණය ගෙන තිබිණි.

දෙදෙනා මුණගැසුණේ පළමු වරට එදාය. දාහත් හැවිරිදි පුංචි කෙල්ල පෙම්වතියක වූ දවස එදාය.

අම්මා, තාත්තටත් වඩා ඇයට දැන් ඔහු විශ්වාසය. ඔහු කියන ඕනෑම දෙයක්‌ ඒ විදිහටම පිළිගන්නට ඇගේ සිත නැවී තිබිණි. ජංගම දුරකථනයෙන් ඇති තරම් පෙම් කළ බිපාෂාට සම්පත් සසරින් සසර එකට පැමිණි පෙම්වතා සේ දැනෙන්නට විය.

දෙදෙනා සමුගත්තේ මෙතෙක්‌ කලක්‌ දුරස්‌ව කළ පෙමට දෙදෙනාගේ රූපකායන් මුණගස්‌වමිනි.

පෙමක හැටි එහෙමය. එදා වෙන්වුණේ... වෙන්වීමට අවශ්‍යම නිසාය.

ඇයගේ දැසේ සතුටු කඳුළුය. ඔහුගේ දැසේ බලාපොරොත්තු පොදියකි.

නිවසට පැමිණි ඇය යළි ඔහුට දුරකථන ඇමතුමක්‌ දී ඇසුවේ සම්පත් ඔයාට වයස කීයද කියාය.

"අද හොඳයි නේද? ආයේ මම එන්නේ අවුරුදු නිවාඩුවට."

"නෑ... නෑ... මම ඇහුවේ වයස"

"වයස දාසයයි මාසයයි" ඔහු කී දෙයින් ඇයගේ පුංචි සිතට සිනා නැඟිණි.

"විහිළු නෙවෙයි වයස කීයද කියන්න"

වයස ප්‍රශ්නයක්‌ නෑ. ඔයාට වයස පිරුණ ගමන් මම ඔයාව බඳිනවා. ඔහු තිර හඬින් කීවේ ආයේ වයස ගැන කතා කිරීම සම්පත් බොරු තරහක්‌ ගෙන තහනම් කළ පසුවය.

පුංචි සිතට ඒ පෙම බර වැඩි යෑයි නොසිතිණි.

අප්‍රේල් 17 වැනිදා කී පරිදිම මේජර් සම්පත් ඇය සොයාගෙන යළි පැමිණියේය.

අවුරුදු තෑගි මලු ඇයට පිරිනැමූ ඔහු ඇයට හාදුවක්‌ දුන්නේ සෙනෙහස මුවහත් කරමිනි.

ප්‍රේමයේ මිහිරි ආශ්වාදය ඇයව නන්නත්තාර කර තිබිණි. පාසල් යන වයසේ දැරියකට මේජර්වරයකුගේ පෙම බර වැඩි යෑයි ඇයට නොදැනුණේ ඇය තවමත් පිපෙන්නට තිබෙන මල් පොහොට්‌ටුවක්‌ තරමේ එකියක වූ නිසාය.

ඇත්තටම සම්පත් තිස්‌හත් හැවිරිදිය.

ඇය දාහත් හැවිරිදිය. දෙදෙනා අතර වයස්‌ පරතරය අවුරුදු විස්‌සකි.

දෙමාපියන් දරුවන්ට දුරකථන අරගෙන දී ඒ දරුවන් පත් කරන්නේ මෙවැනි පෙම් පලහිළව්වලය. වරද මේ දියණියගේ නොව වැඩිහිටියන්ගේය.

පැන්සල, පෑන, පොත වෙනුවට ජංගම දුරකථනයත්, ලැප්ටොප් පරිගණකයක්‌ දී සියල්ල හරි යෑයි සිතන දෙමාපියන්ට මේ පෙම් පලහිලව්ව හොඳ පාඩමකි.

"ඔයාගේ උපන්දිනයට මම එනවා" තුන්වැනි වරට ඔහු ඇයව හමුවුණේ ඇයගේ උපන් දිනයදාය. දාහත්වැනි උපන් දිනයට ඇයට ලැබුණේ ලැප්ටොප් පරිගණකයකි. දැන් සියල්ල හරිය.

තාත්තේ.... එයා මේජර් කෙනෙක්‌. සාලියපුර කඳවුරේ ඉන්නේ..." පෙම හෙළි වූ පසු ඇය කීවාය.

තාත්තා නොදන්න හමුදාව. පියා වහාම මේජර් සම්පත් ගැන විපරම් කළේය.

ඒ අතර දිනක්‌ රාත්‍රියේ ඇය ඔහුට ඇමතුමක්‌ ගත්තාය.

දරුවන්ගේ සිනා හඬය. දරුවන්ගේ හැ`ඩීම්ය.

"කොහෙද ඉන්නේ ළමානිවාසකද? අයට ඒ ටික කියා ඉවර කරන්නට නොහැකි විය. දුරකථනය විසන්ධි වී ගියේය.

"ඔබ ඇමතූ අංකය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක. කරුණාකර පසුව අමතන්න." ඇයට යක්‍ෂයා ආරූඪ විය.දිගින් දිගටම ගත්තද සම්පත්ගේ දුරකථනය සම්බන්ධ කරගත නොහැකිය.

ඇය හන්දියට ගොස්‌ වෙනත් දුරකථනයකින් ඇමතුමක්‌ ගත්තේ ඊට පසුවය. "මම පස්‌සේ කතා කරන්නම්" ඔහු කීවේ බැරිම තැනය.

යළි ඔහු කතා කළේ වෙරිමතිනි. "මොනවද මේ කියන්නේ. බැඳලා. ළමයි දෙන්නෙක්‌ගෙ තාත්තා කෙනෙක්‌ ඇයගේ පුංචි සිත සැලී ගියේය. මනසට යකුළු පහර වදිනා සේ දැනිණි.

ඒත් ඒ පෙම, ඒ රුව මගේය. මගේ පෙම්වතාය. සිහින මාලිගාවක්‌ තැනූ ඔහු පියෙකි.

ඇය එදා රාත්‍රියේ ඉකිබින්දාය. කොට්‌ටය තෙත බරිත වන හැටි ඈට නොදැනුණා නොවේ.

ඊළඟ දවසේ ඇගේ මුහුණ ඉදිමී තිබිණි. "ඇයි" මව ඇසුවාය.

"නෑ මුකුත් නෑ" එසැණින් ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබිණි. කතා කළේ කාන්තාවකි. දුරකථනය ගත්තේ ඇයගේ මවය. එහා පැත්තේ සිටි කාන්තාව බැණ ගෙන, බැණගෙන ගියේ ශාප කරමිනි. කතා කර තිබුණේ සම්පත්ගේ බිරිඳය. "පවුල් කඩා දාන්න එපා හලෝ. තමුසෙ තවම පොඩි දරුවෙක්‌. වයසට ගැළපෙන කොල්ලෙක්‌ හොයා ගනින්..." ඊට පසුව ඒ කාන්තාව ඇයටද කතා කර බැණ වැදුණාය.

නොවඳිනා වැඳුම් වැන්දාය. ඉල්ලීම් පිට ඉල්ලීම් කළාය.

හරි අක්‌කේ මම නතර කරන්නම්" ඇය කීවේ ඇත්තටමය.

නොදැන වැටුණ අමාරුව.

"මට කතා කරන්න එපා" ඇය ඔහුට කීවේ ඊට පසුවය.

"නෑ මම ඔයා බලන්න එනවා. මට ඔයාව නැති වුණොත් මම මැරෙනවා" මේජර් සම්පත් කිව්වේය.

හරියටම පසුගිය 18 වැනිදා අඟහරුවාදා මේජර් සම්පත් සිය වාහනයේ නැගී මාතර කඹුරුපිටිය බලා ආවේ මේ ප්‍රශ්නය විසඳා ගැනීමටය. අම්මටයි, තාත්තටයි කියන්න. තාත්තාද සම්පත් සමග කතා කරන්නට එකඟ වී තිහගොඩට එන්න යෑයි කීවේ දුවගේ ප්‍රශ්නය මෙතැනින් හමාර කළ යුතු බැවිනි.

ඇය සිත හදාගත්තාය. මේජර් සම්පත් තිහගොඩට ආවේ දෙකින් එකක්‌ තෝරා ගැනීමටය. ඒ සඳහා ඔහු අවශ්‍ය උපකරණ කිහිපයක්‌ද, පෙම්වතිය එවූ ලියුම්, උපන්දින කාඩ්පත්, ඡායාරූප ආදී මල්ලක්‌ද විය.

"මෙතැනින් මේ වැඩේ නතර කරමු" ආයේ වචන දෙකක්‌ නෑ. පියා කීවේ පෙමට තිත තබමනි. ඇයද ඒ ප්‍රතිපත්තියේම සිටියාය. මේ හමුවට විනාඩි දහයක්‌ ගියේ නැත. තිහගොඩ හක්‌මන පාරේ වාහනයට නැඟුණ ඔහු ඕකත් අරන් පලයන් කියමින් ලියුම් බහාලු මල්ල විසිකළේය.

එසැණින් මහ හඬක්‌ නගමින් ඔහු පැමිණි රථයේ රියෑදුරු අසුන අසලින් විශාල ශබ්දයක්‌ නැඟුණේය.

"අයියෝ..." දාහත් හැවිරිදි දියණියගේ නෙතින් කඳුළු ගලා යද්දී ඔහු බෝම්බයක්‌ පුපුරාගෙන මියගොස්‌ තිබිණි.

දරු දෙදෙනකුට අප්පච්චි අහිමි විය. බිරිඳට සැමියකු අහිමි විය. ඇයට සිය පළමු පෙම මෙන්ම පෙම්වතාද අහිමි විය. ඔහුට දරුවනුත්, බිරිඳත් පමණක්‌ නොව වටිනා ජීවිතයද අහිමි විය.

මිස්‌ කෝල් පෙම ගලාගොස්‌ නතර වූයේ ජීවිත කිහිපයක්‌ අවුල් ජාලාවකට ඇද දමමිනි.

දෙමාපියන් පාසල් යන දරුවන් පිළිබඳවත් මෙන්න මේ ජංගම දුරකථන හා පරිගණක පිස්‌සුව පිළිබඳවත් මීට වඩා සොයා බැලිය යුතුය.

වාසනාවට මේ අහිංසක දියණියගේ ජීවිතය බේරිණි.

සැනසෙන්නට ඒකත් ප්‍රමාණවත්ය.

ශිරාන් රණසිංහ
  



බිම් සවිය යයි අයාලේ! ඔබේ ඉඩමත් අවදානමේද?

මනෝඡ් අබයදීර

ඉඩමක අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් තිබෙන එකම ලියෑවිල්ල වී ඇත්තේ ඔප්පුවය. ඔප්පුව යනු ඉඩමේ මායිම් පිළිබඳව ලිඛිත විස්‌තරයක්‌ වීම හා එහි ඇති සංකීර්ණතාවය නිසා ඔප්පුවකින් පමණක්‌ ඉඩමක හිමිකම තහවුරු කළ නොහැකි තත්ත්වයක්‌ මතු වී තිබේ. මෙම තත්ත්වයෙන් පීඩාවට පත් වී සිටින්නේ පෞද්ගලික ඉඩම් හිමිකරුවන්ය.

1840 රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පිළිබඳ ආඥා පනත හා 1897 වර්ෂයේදී ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් සම්මත කරන ලද මුඩුබිම් පනත අනුව එතෙක්‌ පොදුවේ යම් සීමාවක්‌ තුළ පෞද්ගලික අයිතියක්‌ ඇතිව ජනතාව භුක්‌ති විඳින ලද ඉඩම් බොහොමයක්‌ ආණ්‌ඩුවේ ඉඩම් බවට පත් විය. තමන්ගේ වැවිලි ආර්ථිකයට අවශ්‍ය භූමිය සපයා ගැනීම පිණිස ඉංග්‍රීසීන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග හ්තුවෙන් යටත් විජිත කාල සීමාව තුළ ඉඩම් සම්බන්ධ රාජ්‍ය කර්තව්‍යය වී තිබුණේ රජය සතු ඉඩම් කළමනාකරණය කිරීමය. ඉඩම් වෙනුවෙන් රජය විසින් පිහිටවූ ආයතන සියල්ලේම ක්‍රියාත්මක භාවය තිබුණේ ඒ සඳහාය.

ඉඩම් අයිතිය සම්බන්ධයෙන් 1927 දී පත් කරන ලද විශේෂඥ කමිටුව පළමු ඉඩම් කොමිෂන් සභාව ලෙස සඳහන් කළ හැකිය. එය රජයේ ඉඩම් පිළිබඳ සොයා බැලීමේ යාන්ත්‍රණයක්‌ පමණක්‌ විය.

1955 දී දෙවැනි ඉඩම් කොමිෂන් සභාව පිහිට වූ අතර යටත් විජිත යුගයෙන් පසු පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් පැන නැගී තිබූ තත්ත්වය එහිදී සැලකිල්ලට බඳුන් විය. ඉඩම් සම්බන්ධයෙන් හිමිකම් ලියාපදිංචිය සඳහා මූලිකත්වය දීමට එම කොමිසම විසින් පිළිගැනීමක්‌ ලබා දී තිබිණි. ඒ සඳහා වන ක්‍රමවේදයක්‌ නිර්මාණය කිරීමට 1967 දී කමිටුවක්‌ පත් කළ අතර එහි වාර්තාව පිට වූයේ 1980 දීය. හිමිකම් ලියාපදිංචිය සඳහා වන ක්‍රමවේදයක්‌ නිර්දේශ කිරීමට වසර දහතුනක්‌ ගත වී තිබුණත් එය ද අවසානයේ හමස්‌ පෙට්‌ටිගත විය.

1985 වසරේදී මහාචාර්ය සී. ඇම්. මද්දුම බණ්‌ඩාරගේ ප්‍රධානත්වයෙන් යුක්‌තව තෙවැනි ඉඩම් කොමිෂන් සභාව පිහිටුවනු ලැබීය. හිමිකම් ලියාපදිංචිය සිදු කිරීම සඳහා ප්‍රමුඛත්වයක්‌ දිය යුතුය යනුවෙන් අතුරු වාර්තාවක්‌ මෙම කොමිසම නිකුත් කළේය. අවසන් වාර්තාවට පෙර අතුරු වාර්තාවක්‌ මැගින් වහාම ක්‍රියාවට නැගිය යුතු කාරණයක්‌ වශයෙන් හිමිකම් ලියාපදිංචිය පිළිබඳව අතුරු වාර්තාවක්‌ නිකුත් කරන තැනකට කොමිසම පත් වුණේ සමාජීය වශයෙන් වන තදබල අවශ්‍යතාවයක්‌ හිමිකම් ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇති වී තිබූ නිසාය. එයද පෙර සේම ලියෑවිල්ලකට පමණක්‌ සීමා වන තත්ත්වයක්‌ ඇති විය.

ශ්‍රී ලංකාව සතු ඉඩම්වලින් 82% ක්‌ම රජයේ හෝ රජයට හිමිකම් කිව හැකි ඉඩම්ය. පෞද්ගලික ඉඩම් ලෙස පවතිනුයේ ඉතිරි 18% පමණය. රජය විසින් ඇති කර තිබෙන ඉඩම් සම්බන්ධ යාන්ත්‍රණයද රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු සඳහා උපන් ආයතන බැවින් පෞද්ගලික ඉඩම් හිමිකම් සඳහා වන නව ක්‍රියාමාර්ගයක්‌ කරා රජයේ ඉඩම් සම්බන්ධයෙන් තිබෙන ආයතන සංවේදී නොවූ තරම්ය. ඉඩම් සඳහා වන හිමිකම කියා පෑමට පුද්ගලයකුට තිබූ එකම ක්‍රමය වූ ඔප්පුවේ පැන නැගී තිබූ අවුල් හේතුවෙන් ඔප්පු පදනම් කරගත් ඉඩම් හිමිකම් ක්‍රමය සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයක්‌ ඒ වන විටත් නිර්මාණය කර තිබිණි.

2001 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ ඉඩම් නඩු එක්‌ ලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ විභාග වෙමින් තිබිණ. ඉඩම් ආරවුලක්‌ යනු සරල ලෙස ඉඩමක අයිතිය පිළිබඳව අධිකරණය ඉදිරියට ගොස්‌ තීන්දුවක්‌ ලබා ගැනීමක්‌ නොවේ. එය විසින් මතු කරනා සමාජ ප්‍රශ්න රාශියකි. සමහරවිට පරම්පරා කිහිපයක්‌ම තමන්ගේ කාලය හා විශාල මුදලක්‌ ඉඩම් නඩු සඳහා වියදම් කර ප්‍රතිඵලයක්‌ එනතුරු බලා සිටිමින් පවතී. එය විසින් පවුලේ සමගිය, අසල් වාසීන්ගේ සමගිය ආදී සමාජ වටිනාකම් ද විනාශ කර තිබේ. සමහර ඉඩම් ආරවුල් ඝාතන කිහිපයක්‌ම දක්‌වා දිග්ගැස්‌සුණු අවස්‌ථාද තිබේ. මෙම තත්ත්වය සඳහා සමාජය හිමිකම් කීවේ මායිම් කිහිපයක්‌ ලිත ලෙස සටහන් කළ ඔප්පුවේ තිබූ දුර්වලතාවය නිසාය. ඉඩම් ඔප්පු ලියාපදිංචියද තිබුණේ එවැනිම අවුල්සහගත තැනකය. සමහරුන්ට ඔප්පු ඇතත් එවැනි ඉඩමක්‌ කිසිම තැනක නැත. එදිනෙදා භාවිතයේ දී "අහස්‌ ඔප්පු" ලෙස ජනතාව හඳුන්වන්නේ මේවාය.

ඔප්පුව යනු සංකීර්ණ ගණයේ පිටු ගණනාවකින් යුත් ලියෑවිල්ලක්‌ය. එය සාමාන්‍ය ජනතාවට තබා අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් නොමැති උගත් පුද්ගලයකුට පවා තේරුම් ගැනීම අපහසුය. 1863 වර්ෂයේ අංක 8 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ක්‍රියාත්මක වූ ඔප්පු ක්‍රමය මේ වන විට වසර එකසිය පනහේ සංවත්සරය සැමරීමට සූදානම්ව සිටියි. එම පැරණි ක්‍රමවේදය ප්‍රශ්න රාශියක්‌ සමාජගත කරමින් තිබුණද ඒ සඳහා වන නව ක්‍රමවේදයක අවශ්‍යතාවය බොහෝ පාර්ශ්ව අවධාරණය කෙරුවද එය ක්‍රියාත්මක තලයකට පැමිණියේ නැත.

ඒ සඳහා බල පෑ ප්‍රධාන හේතුවක්‌ වුණේ නිරවුල්, සරල ඉඩම් හිsමිකම් ක්‍රමවේදයක්‌ සඳහා නීතිඥ වෘත්තිකයන්ගේ පාර්ශ්වයෙන් නැගුණු විරෝධයය. නිරවුල්, සරල ඉඩම් හිමිකම් ලියාපදිංචියක්‌ සිදු වුවහොත් ඉඩම් නඩු අලුතෙන් ඇති නොවීම හේතුවෙන් තමන්ට තිබෙන වෘත්තීයමය අවස්‌ථාවන් නැති වෙනවා වැනි හැඟêමක්‌ නීතිඥයන් තුළ මතුවීම මීට ප්‍රධාන විය. එම විරෝධතා මධ්‍යයේ ඉඩම් හිමිකම් ලියාපදිංචිය සඳහා වන පනතක්‌ 1998 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දි. මු ජයරත්න මහතාය. ආණ්‌ඩු පක්‍ෂ, විපක්‍ෂ නීතිඥයින් සියලු දෙනා මෙම පනතට එරෙහිව සිටියදී පනතේ නම නොකියවා, අංකය පමණක්‌ කියවා, "කනෙන් රිංගා පනත" සම්මත කර ගැනීමට ජයරත්න මහතා සමත් විය. එම අභියෝගාත්මක කාර්ය, සමරුන් හැඳින්වූයේ, කුඹුරු පනතට පසුව සම්මත කරගත් ප්‍රගතිශීලීම පනත ලෙසය. වෘත්තීය නිතීඥයකු වුවද තම වෘත්තීය සගයින් මෙම පනතට එරෙහිව සිටියදීත් ජනතා අවශ්‍යතාවය තේරුම් ගනිමින් එදා ඇමතිවරයකු ලෙස කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පනත ගෙන ඒමට සහයෝගය ලබා දී තිබිණි.

තිබූ බාධක හමුවේ හා ආරම්භයක්‌ ලෙස 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත වැදගත්භාවයක්‌ උසුලන නමුත් එහි දුර්වලතා රාශියක්‌ තිබිණි. මේ නිසා එම පනත අනුව හිමිකම් ලියාපදිංචි කිරීමට යැම තව ප්‍රශ්න ගණනාවක්‌ උදා කරනු ලැබීය. ප්‍රධානම ප්‍රශ්නය වූයේ යාන්ත්‍රණයය.

පළමු වටයේදීම රජයේ වියදමින් රටේ සියලු ඉඩම් මැනීම කළ යුතු වූ අතර ඒ සඳහා කැඩැස්‌තර මැනුqම් හැටපන්ලක්‍ෂයක්‌ පමණ කළ යුතුව තිබිණි. දි. මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ මේ සඳහා අවම වශයෙන් වසර තිහකවත් කාලයක්‌ ගතවනු ඇත කියාය. තත්ත්වයේ සංකීර්ණභාවය එයින්ම පැහැදිලිය.

රටේ තිබෙන සියලුම ඉඩම් සඳහා නිරවුල්භාවයක්‌ ඇති කර, ඒවා නියම ලෙස මැනුqම් කටයුතු සිදු කර, සරල හිමිකම් පතක්‌ ලෙස එය ජනතාව අතට පත් කිරීම මෙහිදී විය යුතු කාර්යය. තමන්ගේ හිමිකම නියම ලෙස සහතික වී තිබෙන බැවින් එම හිමිකම් පත්‍රය මගින් ඔප්පුවක මෙන් ගැටලු ඇති නොවේ. එම හිමිකම් පත්‍රයේ ඉඩමේ මැනුම් සටහන හෙවත් ප්ලෑන ද ඇතුළත් වේ. මේ නිසා ඔප්පුවට අමතරව ඉඩම ගැන සඳහන් කිරීමට ප්ලෑනක්‌ අලුතෙන් එක්‌ කළ යුතු තත්ත්වයක්‌ මෙහි නැත. එසේම මෙය පරිගණකගත වන බැවින් ඔන්ලයින් පහසුකම් මගින් පරීක්‍ෂා කර බැලිය හැකි අතර වසර ගණනක අතීත වාර්තා හෙවත් පත්ඉරු බලමින් රෙජිස්‌ටාර් කන්තෝරුවල කාලය ගත කරමින් ඔප්පුවල නිරවද්‍යතාවය බැලීම සඳහා වන වෙහෙස දැරිය යුතු ද නැත. රජය විසින් මැනුම් කර ලබාදෙන හිමිකම් පත්‍රය අවසාන නිමැවුම බැවින් එයට එහා ගිය ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ මතුවන්නේද නැත. මේ නිසා නිවැරැදි හිමිකම් සහතික පත්‍රයක්‌ මගින් අවසානයේදී ඉඩම් නඩු නැති රටක්‌ නිර්මාණය කර ගත හැකිය.

ඉඩමක්‌ යනු බොහෝවිට පවුලක්‌ හෝ පුද්ගලයකු සතුව තිබෙන විශාලම සම්පතය. එය අලෙවි කිරීමේදී හෝ උකස්‌ කිරීමේදී, ආයෝජනය සඳහා යෙදවීමේදී නිරවුල්භාවය සහතික කර ගැනීමට යැම තුළ ඉඩමක්‌ විකිණීම, ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම, ඉඩමක්‌ මිලදී ගැනීම, බැංකුවට උකස්‌ කිරීම ආදිය සංකීර්ණ කටයුත්තක්‌ වී තිබේ. නියමිත පරිදි ඇති කර ගන්නා හිමිකම් සහතිකයක්‌ මඟින් මෙම ප්‍රශ්න ද නිරාකරණය වීම තුළ තමන්ට තිබෙන ප්‍රබලම සම්පත පහසු ආකාරයෙන් භාවිත කිරීමේ හැකියාවක්‌ පුද්ගලයාට තිබේ.

අවසානයේදී රටේම ඉඩම් එකට සිතියම් ගතවීම තුළ රටේ සැලසුම්කරණයටද පහසු වේ.

ඔප්පුවේ සිට හිමිකම් සහතිකයක්‌ දක්‌වා යැම ආරම්භක අවස්‌ථාවේදීම පහසු කටයුත්තක්‌ නොවේ. පනත සම්මත වුවත් එම පනත මගින් මෙම කටයුත්ත සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක්‌ ඇති කරනු නොලැබීය. රටේ අත්‍යවශ්‍යතාවය සලකා විරෝධතා අතරින් රිංගා ගොස්‌ ඉදිරිපත් කළ පනතක්‌ බැවින් එය අසම්පූර්ණ හා අවුල්සහගත ලියෑවිල්ලක්‌ විය. ඉඩම් සම්බන්ධයෙන් ඇති රාජ්‍ය ව්‍යqහයන් තිබෙනාකාරයෙන් භාවිත කරමින් මෙම කටයුත්ත කෙසේ හෝ කළ යුතු යන්න මිස නව හිමිකම් ලියාපදිංචිය සඳහා වන යාන්ත්‍රණයක්‌ මෙහි තිබුණේ නැත. මේ නිසා නව හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය සඳහා තිබූ එක යාන්ත්‍රණය වූයේ බිම්සවිය - ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පමණය. එම වැඩසටහන ද නව යාන්ත්‍රණයක්‌ නොව ඉඩම් සම්බන්ධයෙන් තිබූ පැරැණි රාජ්‍ය ආයතන කිහිපයක්‌ සම්බන්ධ කර අටවා ගත් ආයතනයක්‌ පමණක්‌ විය. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව යන ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තිබෙන රෙජිස්‌ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතනයත් සම්බන්ධ කර ගනිමින් අසීරු ආකාරයකින් බිම් සවිය වැඩසටහන සිදු වෙමින් පවතී.

මෙම සංකීර්ණතාවය නිසාම අදාළ කටයුතු සමස්‌තයක්‌ ලෙස ගත් විට අවුල්සහගත තත්ත්වයකට පත්වී තිබිණි. ඊට අමතරව අනවශ්‍ය කඩිනම්භාවයක්‌ ද බිම්සවිය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව යෝජනා කර තිබූ අතර එමගින් සිදු වී තිබුණේ, ලහි ලහියේ ඉඩම් මැනීමට ගොස්‌ නිරවුල් ඉඩම් ද අවුල්භාවයට පත්වීමය. ලැබෙන හිමිකම් සහතිකය අවසන් වගකීම හෙයින් එය අධිකරණයක්‌ හමුවට ගෙන ඒමද පනත අනුව කළ නොහැකිය. මෙවැනි වැරැදී සඳහා පනත අනුව වන්දි ගෙවීමට රක්‍ෂණභාරයක්‌ ඇති කළ යුතු වුවත් එයවත් තවම ඇති කර නැත. අනෙක්‌ අතට සමහර වැරැදීම් රක්‍ෂණයකින් පූර්ණ කළ නොහැකි මට්‌ටමේ ඒවාය. උදාහරණයක්‌ ලෙස නිවාස කිහිපයක්‌ තිබෙන පෞද්ගලික පාරක වාහන හැරවීම සඳහා තිබිය යුතු තැන සිතියම්ගත නොවී එක්‌ ඉඩමකට යාකොට තිබුණහොත් එම ඉඩම් හිමියාද එය තමන්ගේම යෑයි කිවහොත් ඉතිරි සියලු නිවාස හිමියන්ට වාහන හැරවීමට සිදුවන්නේ ආපස්‌සට යැමෙනි. මෙවැනි ප්‍රශ්න ඇති වූ පසු ඒ සඳහා අභියාචනා වැඩපිළිවෙළක්‌ බිම් සවිය සතුව ඇතත් අවශ්‍ය වන්නේ මෙවැනි සරල තැන් මුල් අවස්‌ථාවේදීම නිරවුල් කිරීමය.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 2011 වසරේÊකාර්ය සාධන වාර්තාව අනුව තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 72 ක්‌ අතුරෙන් 22 ක රජයේ මිනින්දොaරුවන් 158 දෙනකු හා ලියාපදිංචි බලය ලත් මිනින්දොaරුවන් 150 දෙනකු දායක වී එම වසර තුළ බිම් කැබැලි 158996 ක්‌ මැන තිබේ. බිම් සවියට වෙන් කර තිබෙන මුදලින් රුපියල් මිලියන 354.99 ක්‌ ඊට වැය වී තිබේ. මේ සා මහජන මුදල් වැය වන ව්‍යාපෘතියක්‌ අකාර්යක්‍ෂම ආකාරයෙන් සිදු කිරීම දූෂණ ක්‍රියාවක්‌ වන අතර ඒ නිසා යහපත් වැඩපිළිවෙළක්‌ අර්බුදකාරී තත්ත්වයකට පත් කිරීම ඊට වඩා අනර්ථකාරි ක්‍රියාවකි.

මෙම කටයුතු සඳහා මුල් අවස්‌ථාවේදී ලෝක බැංකුව ආධාර හිමි වූ අතර එහි සංවිධාන ව්‍යqහය සඳහා වන වාර්තාවක්‌ ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර තිබිණි. අදාළ වාර්තාව සකස්‌ කිරීම සඳහා ලෝක බැංකු නියෝජිත ලෙස ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් හා හිටපු ඉඩම් කොමසාරිස්‌වරයකු වූ ඒ. ඒ. විඡේතුංග මහතා පත්කර එවනු ලැබීය. ඔහු විසින් එහි ලා පිළියෙල කර දෙනු ලැබූ වාර්තාව සැලකෙනුයේ ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචිය සඳහා සකස්‌ කරන ලද ප්‍රශස්‌ත අධ්‍යයනයක්‌ ලෙසය. එම මට්‌ටමේ වාර්තාවක්‌ තිබියදී පවා ඒ ගැන අවධානය යොමු නොකර අයාලේම මෙම කටයුත්ත කරගෙන යැමට බලධාරීන් කටයුතු යොදාගෙන තිබේ. විඡේතුංග වාර්තාව විසින් පෙන්වා දෙනු ලබන්නේ, සංවර්ධනය, පාවිච්චිය, තක්‌සේරුව, ලියාපදිංචි හා පැවරීම යන අංශ ප්‍රධාන ලෙස සලකා බලා ක්‍රමවත් තනි..... යාන්ත්‍රණයක්‌, ඉඩම් හිමිකම් ලියාපදිංචිය සඳහා ඇතිකරන ලෙසය.

මිනින්දොaරු දෙපාර්තමේන්තුව ඉඩම් මැනීමත්, තවත් දෙපාර්තමේන්තු තම තම කාර්යයේ නිරත වීමත් හරහා මේ වන විට හිමිකම් ලියාපදිංචිය සිදුවෙමින් පවතින්නේ "අච්චාරු ව්‍යාපෘතියක්‌" ලෙසය.

හිමිකම් ලියාපදිංචියේ වැදගත් කාර්යය වනුයේ නිරවුල් ලෙස දැනටමත් තිබෙන ඉඩම් මැන සහතික නිකුත් කිරීම නොවේ, සියලු මට්‌ටමේ ඉඩම් සඳහා නිරවුල් ලෙස හිමිකම් සහතික නිකුත් කිරීමය. නමුත් දැන් සිදු වී ඇත්තේ නිරවුල් ඉඩම්ද අවුල් කරමින් ඉඩම් මැනුම් කරගෙන කඩිමුඩියේ ගමනක්‌ යැමය.

බිම් සවිය වැඩසටහන යටතේ නිරවුල් ඉඩම් සඳහා ලැබෙනුයේ "ඒ" මට්‌ටමේ සහතිකයන්ය. එම මට්‌ටමේ සහතික කීයක්‌ මේ වන විට නිකුත් කර තිබේදැයි ඉඩම් අමාත්‍යංශයට තවම කිව නොහැක. එවැනි මූලික සංඛ්‍යාලේඛන පවා අවුල් කරගත් තැනක මෙම ව්‍යාපෘතිය පවතිනුයේ මේ සඳහා යාන්ත්‍රණය නිර්මාණය වී නොමැතිවීම නිසාය.

ඉඩම් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙම ලියුම්කරුට පැවැසුවේ මේ සඳහා යාන්ත්‍රණයක්‌ සකසා නොතිබීම හේතුවෙන් තමන්ගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් පාවිච්චි කරමින් අදාළ අංශ සමග කතා කරගනිමින් මෙම වැඩපිළිවෙළ කරගෙන යන බවය.

රටේ තිබෙන ප්‍රධාන කටයුත්තක්‌සේ ගෙන මෙම වැඩපිළිවෙළට නිසි මාර්ග සිතියමක්‌ සකස්‌ නොකළ හොත්, හිමිකම් ලියාපදිංචියෙන් සිදුවන්නේ ඔප්පුවෙන් ඇති කරන ලද අර්බුදයටත් වඩා වැඩි අර්බුදයක්‌ මිස අන් යමක්‌ නොවනු ඇත.

පනත සංශෝධනය කළ යුතුයි
සභාපති ශ්‍රී ලංකා මිනින්දොaරු ආයතනය
සාලිය වික්‍රමසිංහ

‍තමන්ට තියෙන ඉඩම සඳහා නිරවුල් හිමිකමක්‌ තිබීම මිනිසකු සතු අයිතියක්‌. ඒ සඳහා මූලික වී මුල සිටම ක්‍රියා කළේ ශ්‍රී ලංකා මිනින්දොaරු ආයතනයයි. අපි ඉල්ලපු දේ තමයි විධිමත් ආයතනික පටිපාටියකින් යුක්‌තව නිරවුල් හිමිකම් සහතිකයක්‌ සෑම බිම් කොටසකටම ලැබිය යුතු බව. බිම් සවිය වැඩපිළිවෙළ දැන් සිදුකෙරෙන ආකාරය ගැන අපිට සෑහීමකට පත් වෙන්න බැහැ. අපි බලාපොරොත්තු වුණේ මෙවැනි අපරික්‌ෂාකාරී වැඩපිළිවෙළක්‌ නෙමෙයි. 1998 මෙම පනත සම්මත වුණේ පාර්ලිමේන්තු විවාදයකින් තොරවයි. ඒ මොහොතේ මෙයට සහභාගි වූ සෑම පාර්ශ්වයක්‌ම කියා සිටියා මෙම පනත සංශෝධනය විය යුතු බව. අපට ලැබී තිබෙන ආරංචි අනුව මෙම පනතෙන් 90% ක්‌ පමණ සංශෝධනය විය යුතු හෝ ඉවත් විය යුතු වගන්ති ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව වගන්ති 100 ක්‌ පමණ අලුතෙන් එක්‌විය යුතු බවටත් හඳුනාගෙන තිබෙනවා. එයින් පෙනෙනවා මෙම පනතේ තිබෙන අඩුපාඩු.

ඕනෑම ක්‍රියාවලියක්‌ සිදුවන්නේ රෙගුලාසි අනුව. එම රෙගුලාසි මේ වන තෙක්‌ම මෙම පනතට ඇතුල් වී නැහැ. අපේ බලාපොරොත්තුව වුණු නිරවුල් හිමිකමක්‌ සහිත ඉඩම් ජනතාවට ලැබීම මේ නිසා ව්‍යාකූල කටයුත්තක්‌ වී තිබෙනවා. පසුගිය වසර 14 පුරාවට මේ පනත සංශෝධනය වී නැහැ. රෙගුලාසි එකතු වී නැහැ. සෛද්ධාන්තිකව බලනවිට මේක තියෙන්නේ පරණ තැනමයි. අපි ශ්‍රී ලංකා මිනින්දොaරු සංගමය හැටියට මේ ගැන අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වුවා. ඉල්ලීම් කළා. ඉඩමක්‌ මැනීමට පෙර එය සමථකරණයට භාජන කළ යුතුයි. එය කළ යුත්තේ හිමිකම් නිරවුල් කිරීමේ නිලධාරියායි. ඔහුට අයත් කාර්යභාරයක්‌ තිබෙනවා. මේ වසර 14 පුරාවටම ඒ කාර්යභාරය ඉටුවෙලා නැහැ.
අපේ හිටපු සභාපති හියු සමරසිංහ මහතා විසින් ඉඩම් අමාත්‍යංශයට ලිපියක්‌ යවමින් බිම් සවිය යටතේ මේ දක්‌වා සිදු වූ ප්‍රගතිය අපිට දන්වන ලෙස ඉල්ලීමක්‌ කළා. නමුත් අපට සෑහීමට පත් විය හැකි පිළිතුරක්‌ අමාත්‍යංශයෙන් ලැබුණේ නැහැ. තැනින් තැන අහුලා ගත් කණ්‌ඩායම්වලින් මෙම වැඩපිළිවෙළ කෙරෙනවා මිසක නිශ්චිතවම මෙම වැඩපිළිවෙළ සඳහාම වූ ආයතනයක්‌ තවම ඇති වී නැහැ. එසේම සර්වේ ජනරාල්තුමාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මැනුම් කටයුතු කඩිනම් කිරීම තුළ එහි ප්‍රමිතියේ තත්ත්වය පහළ ගොස්‌ තිබෙනවා. මේ නිසා මහජනතාවට විශාල වශයෙන් ප්‍රශ්නවලට මුහුණපාන්නට වී තිබෙනවා. ඒ ගැන මහජනතාව විසින් අපේ ආයතනයටත් පැමිණිලි කර තිබෙනවා. අපි ඒවා නිවැරදි පැමිණිලි ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා අපිට දිය හැකි විසඳුමක්‌ නැහැ. මොකද මෙය රජයේ ක්‍රියාපටිපාටියකට යටත් නිසා. ඒ නිසා තමයි මේ සඳහා සෛද්ධාන්තික නිවැරදිභාවයක්‌ හා ආවේණික ආයතනික රටාවක්‌ පනත සංශෝධනය මගින් සිදු කළ යුතු යෑයි අපි ඉල්ලා සිටින්නේ.

මැනුමේදී කළ වැරදි නිසා අපි අසරණ වෙලා...
- නීතිඥ ප්‍රියන්ති ප්‍රනාන්දු

බිම් සවිය මගින් මීට වසර දෙකකට පෙර අපේ ඉඩම් මැනලා තිබුණා. මෙම ඉඩම් පිහිටා තිබෙන්නේ අර්නස්‌ට්‌ පෙදෙස, ලක්‌ෂපතිය, මොරටුව ප්‍රදේශයේ. මගේ මවට හිමි ඉඩමකින් මටත් පර්චස්‌ 15 ක්‌ වෙන් කරලා තිබුණා. මනින අය ආ විට අම්මා ඒ විස්‌තර කියලා තිබුණා. නමුත් අවසාන මැනුමේදී එහා ගෙදර පර්චස්‌ 15 ක්‌ හා තව පැත්තකින් පර්චස්‌ 10 ක්‌ එකතු කරලා අපේ ඉඩමට ඈඳලා තමයි මැනලා තිබ්බේ. මේ ගැන අපි දැනගත්තාම එතැනට ගියා. එහේ තියෙන සිතියමේ අපේ ඉඩම සෙවීමත් අමාරු වැඩක්‌ වුණා. අපි ප්‍රශ්ණය කිව්වාම, ඒ අය කිව්වා අපිට ආයිත් මේවා මනින්න එන්න බැහැ කියලා. ඒ නිසා පෞද්ගලිකව මැනුම් නිලධාරියෙක්‌ට කියලා මැන ගන්න කියලා එහෙම කෙනෙක්‌ගෙ නමකුත් මට දුන්නා. ඔහු මැනීම සඳහා විශාල මුදලක්‌ ඉල්ලුවා. මේක සිදුවුණේ අපේ වරදින් නොවන නිසා එවැනි මුදලක්‌ අපි වියදම් කළ යුතු යෑයි සිතන්නේ නැහැ. මේ ගැන බලධාරීන්ට පැමිණිලි කළත් කිසිම පියවරක්‌ තවම අරගෙන නැහැ. මේ අවුල නිසා අපිට මේ ඉඩම සංවර්ධනය කරන්නවත් කාටවත් විකුණගන්නවත් බැරි තැනකයි ඉන්නේ. විසඳුමක්‌ පේන තෙක්‌ මානයකවත් ඇත්තෙත් නැහැ.

වැරදි තියෙනවා. නිවැරැදි කරගෙන ඉදිරියට යමු
ලේකම්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය
අශෝක පීරිස්‌

බිම් සවිය වැඩපිළිවෙළ සඳහා වූ ආයතනික ව්‍යqහයක්‌ හෙවත් නිශ්චිත යාන්ත්‍රණයක්‌ ඇති නොවීම හේතුවෙන් එම වැඩපිළිවෙළ අවුල් ජාලයක්‌ බවට පත්වී තිබෙනවා නේද?

බිම් සවිය සඳහා ආයතනික ව්‍යqහයක්‌ දැන් ඇති වී තිබෙනවා. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව නමින් කලින් තිබූ අංශය ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බවට අපි පත් කර තිබෙනවා. එය තමයි මේ සඳහා තිබෙන ආයතනය. කලින් මෙහි ලියාපදිංචි කිරීම් සිදුවූයේ රෙජිස්‌ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින්. එහි සහතික දැන් අපි ගෙන්වාගෙන එම කටයුතු මහජනයා සමග සම්බන්ධීකරණය කරමින් පවතිනවා.

නමුත් ඉඩම් මැනීsමේ කටයුතුවල සිදුවී තිබෙන වැරැදි නිසා, මෙම වැඩපිළිවෙළ මගින් මහජනතාව අපහසුතාවන්ට මුහුණ දී තිබෙනවා. අපට ආරංචියක්‌ ලැබුණා ඔබගේa ඉඩමක්‌ පවා මිනින්දෝරු දෙපාර්ත-මේන්තුව මගින් වැරැදියට මැන තිබුණාය කියලා....

එවැනි සිද්ධි වාර්තාවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශාල වැරැදි පවා සිදුවෙලා තිබෙනවා. එවැනි තැන් සඳහා පුද්ගලිකව එම කටයුතු කරගෙන යන ලෙස කලින් කියා දී තිබුණා. නමුත් දැන් අපි උපදෙස්‌ දීලා තිබෙනවා එවැනි වැරැද්දක්‌ වී ඇත්නම්, මිනින්දෝරු දෙපාර්තමේන්තුවම එම කටයුතු කළ යුතු බව. මගේ ඉඩමක්‌ සඳහාත් එවැනි ප්‍රශ්නයක්‌ මතු වුණා. ඒක ඇත්ත.

මැනීම් කටයුතු නිවැරැදිව සිදු නොවුණහොත් මෙම වැඩපිළිවෙළේ අරමුණ කෙතරම්, උත්තුංග වුවත් එයින් සිදු වන්නේ, කලින් තිබුණාටත් වඩා අර්බුදය උග්‍ර වීම නේද?

ලංකාවේ වාර්ෂිකව පෞද්ගලික වශයෙන් බලයලත් මිනින්දෝරු මහතුන් ලවා ඉඩම් ලක්‍ෂ දෙකක්‌ පමණ මැන ගන්නවා. ඒවායේ අක්‍ෂාංශ දේශාංශ ලකුණු කිරීම සඳහා උපදෙස්‌ දී ඒවාත් මෙම ව්‍යාපෘතියට දායක කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළක්‌ අපි යෝජනා කර තිබෙනවා. ඊට අමතරව මූලික විමර්ශනවලින් තොරව මැනීම් කටයුතු සිදු කිරීම නවත්වන්නට පියවර ගෙන තිබෙනවා. එවැනි බරපතල ප්‍රශ්න, පැමිණිලි අපටත් ලැබී තිබෙනවා. ඒ සම්බන්ධව අඩුපාඩු මකා ගනිමින් ඉදිරියට යැමට අපි කටයුතු කරනවා.




No comments:

Post a Comment