හො`දින් හසුරුවන්න පුළුවන්....

සමහර රටවල ඉපදෙන සමහර ළමයින්ට කිසිම භාෂාවක් ඉගෙන ගන්නේ නැතිව භාෂා කිහිපයක් කථා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මා හිතනවා ඒ තත්ත්වයට පෙර ජාතිවල යම් කිසි බලපෑමකුත් තියෙනවා කියලා. මා මහණ වෙච්ච දවසේ ඉඳලම පාලි ඉගෙන ගත්තා. මගේ කුඩා වයසට හිතා ගන්න බැරි තරමට පාලි භාෂාව ඉගෙනීමෙන් දියුණුවක් ලබා ගත්තා. පාලි භාෂාව ඉතාම ආසාවෙන් මා කියෙව්වා. මට නම් රසවත් භාෂාවක් පාලි. ඊට පසුව සංස්‌කෘත භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තා. සංස්‌කෘත භාෂාව ඉගෙන ගනිද්දී මූලික පංතිවලදීම මා ඒ පිළිබඳව විශේෂ දක්‍ෂතාවක් පෙන්නුම් කළ බව මට මතකයි.
සිංහල මව් භාෂාව නිසා එය ඉගෙනීම වැඩියත් පහසු වුණා. ප්‍රාචීන මධ්‍යම විභාගයත් ගත්තට පස්‌සෙයි මා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තේ. එතකොට මට අවුරුදු 23 ක් 24 ක් විතර ඇති. ඉංග්‍රීසි ඉගෙන ගන්න අප ජීවත් වන ප්‍රදේශයේ හෝ අවට ප්‍රදේශවල කිසිම පහසුකමක් තිබුණේ නෑ. ඉංග්‍රීසි ඉගෙනීම එදත්a නගරවලට සීමා වෙලයි තිබුණේ. ඒ නිසා මා ගුරුවරයකු පිරිවෙනට ගෙන්වාගෙන පුද්ගලිකව ඉංගී්‍රසි ඉගෙන ගත්තා.
වයස විසි පහේදී පමණ හින්දි භාෂාව ඉගෙන ගැනීමටත් පටන් ගත්තා. ඒක අපේ අල්ලපු රටේ රාජ්‍ය භාෂාව. පුළුල් දියුණු සාහිත්‍යයක් ඇති භාෂාවක් හින්දි. ඒ වගේම මටසිලුටු භාෂාවක්. මං හින්දි භාෂාව ඉගෙන ගත්තෙත් හරිම ආශාවෙන්. පසු කාලේ මං හින්දි භාෂාව හොඳට ඉගෙන ගෙන අනිත් අයටත් උගන්වලා හොඳ හින්දි උගතුන් කිහිප දෙනෙකුත් බිහි කළා. මට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් හින්දියෙන් ලියා තිබෙන ශාස්‌ත්‍රීය වටිනා විශාල ග්‍රන්ථ සමූහයක් සිංහලයට පරිවර්තනය කොට හින්දි උගතෙකු වශයෙනුත් පරිවර්තකයෙකු වශයෙනුත්, මේ රටේ ප්‍රසිද්ධියක් ලබා සිටින ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති ස්‌ථවිරයන් වහන්සේ. දෙමළ භාෂාවත් මා ඉගෙන ගත්තා. හැබැයි දෙමළ භාෂාව ඉගෙන ගැනීමට මගේ විශේෂ උනන්දුවක් තිබුණෙ නැහැ. මම ඉගෙනගත් භාෂාවලින් ලියන්න කියන්න කථාකරන්න පුළුවන්කම මට තියෙනවා. අද බොහෝ දෙනෙක් භාෂා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්‌වන්නේ නැහැ. එක එක විෂය ඉගෙන ගැනීමට තමයි උනන්දුවක් දක්‌වන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නම් තරමක උනන්දුවක් තියෙනවා.
අප ඉගෙන ගන්න කාලෙ ඇත්ත වශයෙන්ම අපි ඉගෙන ගත්තා. අද ගුරුවරයා උගන්වනවා විතරයි, ශිෂ්‍යයා ඉගෙන ගන්නෙ නැහැ. එදා ශිෂ්‍යයා ගුරුවරුන්ට කරදර කරකර ඉගෙන ගත්තා. මේ වෙනස අද පැහැදිලිව පේනවා. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට එක්‌තරා උනන්දුවක් තිබුණත් භාෂාවක් වශයෙන් ඒකත් හරියට ඉගෙන ගන්නෙ නැහැ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි මව් බස වන සිංහල භාෂාව ඉගෙන ගැනීමත් අද ඉතාම දුර්වලයි. සිංහල භාෂාව හරියට ලියන්න කියන්න දන්න පිරිස එන්ට එන්ට අඩුවේගෙන යන බවත් පේනවා. ලියෑවෙන පොත පත අනුව පමණක් නොවෙයි, මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහාත් සිංහල භාෂාව ඉතාම අවාසනාවන්ත ලෙස පිරිහෙන බව කනගාටුවෙන් නමුත් කියන්න සිදුවෙනවා. භාෂා ඉගෙනීම පිළිබඳ ඉතාමත් දියුණු ක්‍රම දැන් භාවිත කරනවා. නමුත් අපේ රටේ ඒ දියුණුම ක්‍රම භාවිතා කරලත් ලබා දෙන්නෙ ඉතාම සීමිත දැනුමක් පමණයි. මා මේ විෙද්‍යාaදය පිරිවෙනේ පත්වීමක් ලැබිලා ගුරුවරයෙක් වශයෙන් ඉගැන්වීමට පැමිණියේ එකදාස් නවසිය හැත්තෑ හයේ අවුරුද්දේදී. මා පිරිවෙනේ සිංහල, පාලි, සංස්‌කෘත, හින්දි යන භාෂා හතරම ඉගැන්නුවා. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි සඳහා ඉගෙනුම ලබන ශිෂ්‍යයන් වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් යම් යම් පාඩම් ඉගැන්නුවා. ප්‍රාකෘත භාෂාවත් මට හොඳට හුරුයි. භාෂා පහක් හයක් හොඳට දන්න භික්‍ෂූන් වහන්සේලා දැන් ලංකාවේ බොහොම හිඟයි.
අපේ රටේ භික්‍ෂූන් වහන්සේලාට ඉංග්‍රීසියෙන් කථා කරන්න, ඉංග්‍රීසියෙන් දේශනයක් කරන්න හුරුකමක් ඇති නොවන්නේ බොහෝ විට එවැනි අවස්‌ථා නොලැබීම නිසා කියා මා හිතනවා. ඉතාමත් කලාතුරකින් තමයි භික්‍ෂූන් වහන්සේලා ඉංග්‍රීසි දැනගෙන හිටියත් ඉංග්‍රීසි කථාකරන පිරිසක් මැදදි ඉංග්‍රීසියෙන් කථා කරන්නේ. එසේ කථා කිරීමට බියක් දක්‌වනවා. සමහර විට එය ලැඡ්ජාවක් කොට සලකනවා. මෑත කාලයේ ඉංග්‍රීසි කථා කරන ඕනෑම පිරිසක් මැදදි, ඉංග්‍රීසියෙන් කථා කළ අදහස් හුවමාරු කළ හාමුදුරු නමක් තමයි කාලයක්‌ම ගුරු සේවයේ යෙදී සිටි අපවත් වී වදාළ ගලපාත ෙ€මානන්ද හාමුදුරුවෝ. මටත් ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න හොඳ හැටි අවස්‌ථාව ලැබුණා. අවුරුදු කීපයක්‌ම ඉන්දියාවේ සහ එංගලන්තයේ වාසය කිරීම නිසා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න අවස්‌ථාව ලැබුණා.
අපි ඉන්දියාවට යන කාලයේ ඉන්දියාවයි ලංකාවයි සැලකුවේ එක රටක් වශයෙන්. ඒ දවස්‌වල ඉන්දියාවට යන්න පාස්‌පෝට් තිබුණේ නෑ. ඒ කාලෙ බොහෝ දෙනා ඉන්දියාවට ගියේ කෝච්චියෙන්. කෝච්චියෙන් ගිහින් ඊළඟට නැවට නගිනවා. නැවෙන් බැහැල නැවතත් කෝච්චියට නගිනවා. ඊළඟට ඉන්දියාව. අතේ තියෙන සල්ලි ටික කස්‌ටම් එකට දීලා ඒ ගානට සමාන ඉන්දියන් සල්ලිත් අරගෙන ඉන්දියාවට යනවා. නමුත් මා ඉන්දියාවේ අවුරුදු තුනක් විතර ගත කරල ආපසු එන විට පාස්‌පෝට් එකතුත් අරගෙනයි එන්න සිද්ධ වුණේ. ඒ වන විට මුලින් තිබුණ නීතිරීති හුඟක් වෙනස් වෙලා. අප ඉන්දියාවේ ඉන්න අවස්‌ථාවෙ තමයි ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වුණේ. ඒ එකදාස් නවසිය හතළිස් අටේ පෙබරවාරි හතර වැනිදා.
බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනට ස්‌වර්ණමය යුගයක් උදා වීම ගැන ඔබවහන්සේට මතක් කරන්න පුළුවන්ද?
කේaන්දරේ කියන හැටියටත් ස්‌වභාව ධර්මයේ හැටියටත් තමයි කර්මානුරූපව අප කාගේත් ජීවිත ගෙවිල යන්නෙ කියල කීවොත් හුඟාක්‌ම නිවැරදියි කියලා මා හිතනවා. බුද්ධගයා සෙන්ටර් එකේ කටයුතු කරමින් සිටින විට කවදාවත් නැතිව මට පපුවෙ අමාරුවක් හැදුණා. ඉක්‌මනට ගිහිල්ලා ඉන්දියන් දොස්‌තර මහත්තයෙක් හම්බ වුණා. පෙනහැල්ලේ වතුර කියලා ඔහු කීවා. මා සෑහෙන තරම් බියට පත් වුණා. ඒ දොස්‌තර මහත්තයාගේ කීම ගැනම නොසිතා මා ගියා මගේ ඉතාම හිතවත් මුස්‌ලිම් දොස්‌තර මහත්තයෙක් හමුවන්න. ඔහු මාව හොඳට පරීක්‍ෂා කරල කීවා මේකට වෙදකම් කරන්න නම් පුළුවන්, නමුත් මෙහේ තියෙන දේශගුණය හොඳ මදි. ඒ නිසා ඉක්‌මනින් ලංකාවට ගිහින් වෙදකම් ගන්න එක හොඳයි කියලා ඔහු කීවා. අන්තිමට ඔහු මගෙන් ඇහුවා ඔබ වහන්සේගේ අදහස මොකක්‌ද කියලා. මා ඒ වෙලාවෙම කල්කටාවට කථා කරල මගේ තත්ත්වය කීවා. කල්කටාවෙන් මට උපදෙස් ලැබුණෙ මගේ වැඩ කොටස්‌වලින් සෑහෙන ප්‍රමාණයක් පරවාහැර පඤ්ඤානන්ද ස්‌වාමීන් වහන්සේට පවරලා හැකි ඉක්‌මනින් ලංකාවට වඩින්න කියලයි. ලංකාවට ඇවිදින් දින දෙක තුනක් ගතවන විට අර අසනීපය නිකම්ම ඇරිල ගියා. කොටින්ම එහෙම ලෙඩක් මට තිබුණද කියලා හිතා ගන්නවත් බැරි වුණා. අදත් ඒ ගැන හිතන කොටත් පුදුමයි. ඇත්ත වශයෙන් මේ ලෙඩේ මට වැළඳුණේ මා ලංකාවට ගෙන්වා ගැනීමේ අනියම් හේතුවක් වශයෙන් කියල මට අද හිතෙනවා. ඒක මගේ දෛවය වෙන්ටත් ඕනෑ.
මා ලංකාවට ඇවිදින් දින කීපයක් ගතවන විට මට තේරුණා අප ඉගෙන කියාගත් අපේ බෙල්ලන පිරිවෙන හොඳටම පිරිහීමට පත් වෙලා කියලා. අවුල් වියවුල්වලින් පිරී ඉතිරී තිබෙන බවත් තේරුම් ගියා. හිතා ගන්නවත් බැරි තරමට පිරිවෙන පිරිහිලා පහතට වැඩිලා තිබුණා. ඒ වන විට එතන හිටිය පරිවේණාධිපතීන් වහන්සේ එතරම් දියුණු තත්වයට හිටි කෙනෙක් නෙමෙයි. ඒ මදිවට ඒ වන විට උන්වහන්aසේගේ ඔළුවත් නරක් වෙලා. ප්‍රකෘති මානසික තත්වයක් උන්වහන්සේට තිබුණෙ නැහැ. පිරිවෙනේ ඉන්න අනික් ඔක්‌කෝම කියන්න පටන් ගත්තා මට දැන් ඉතින් ඉන්දියාවට යන්න එපා, මේ පිරිවෙන භාරගෙන කටයුතු කරන්න කියලා. එතනදි මා බොහෝ දේවල්a ගැන හිතුවා. මගේ ගුරුවරු වැඩ හිටිය භූමිය මේක. මා ඉගෙනගත් තැන මේක. අන්තිමට මා මගේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තා ඉන්දියා ගමන අත්හැරලා දාලා පිරිවෙන රැක ගන්න ඕන කියලා. ඒ වන විට පිරිවෙනේ හිටියේ පස් නමයි. අවුරුදු තුන හතරක් ගතවන විට දිවයිනේ තියෙන හොඳම පිරිවෙනක් බවට පත් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ මා ලැබූ ලොකුම ජයග්‍රහණයක් වශයෙනුත් කල්පනා කරනවා. ඒ කාලයේ මා මහණ කළ උගන්වලා හදාපු ගෝලයන් තමයි අද ධර්මපාල පිරිවෙන ඉතාමත් හොඳින් කරගෙන යන්නෙ. අද එදාටත් වඩා හොඳින් බෙල්ලන පිරිවෙන පවත්වාගෙන යනවා. ඒක මා ලබන ලොකුම සතුටක්. මේ කොළඹ පළාතේ පන්සල්වල ගුරුවරු පවා ගෝලබාලයන් හොඳට හදා ගැනීමට බෙල්ලන පිරිවෙනට ගොහින් භාරදෙන අවස්‌ථා මා කොතෙකුත් දැක තියෙනවා.
මහා නායක හාමුදුරුවනේ... ජ්‍යෝතිර් විද්‍යාව ඉගෙන ගැනීම භික්‍ෂූන්ට සුදුසුයි ද?
මා ජ්‍යෝතිර් විද්‍යාවට සම්බන්ධවීම ගැනත් මෙහිදී විශේෂයෙන් යමක් සඳහන් කරන්නට වෙනවා. මට වයස අවුරුදු දහය වන විට හිතුණා ජ්‍යෝතිර් ශාස්‌ත්‍රය ඉගෙන ගන්න ඕනෑ කියලා. දේශීය වශයෙන් බොහෝ දේ ආරක්‌ෂා කර ගැනීමේ ගෞරවය මුල සිටම හිමි වුණේ මේ රටේ භික්‍ෂූන් වහන්සේලාටයි. සාහිත්‍ය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, භාෂාව, සංස්‌කෘතිය ආදී හැමදෙයක්‌ම ආරක්‍ෂා කර ගත් පිරිස වශයෙන් භික්‍ෂූන් වහන්සේලාට මුළු මහත් ඉතිහාසය පුරාම විශේෂ ගෞරවයක් හිමි වී ඇති බව රහසක් නොවෙයි. ඒ අතර දේශීය වෙදකමත් ජ්‍යෝතිෂයත් එක සේම ඉගෙන ගෙන එයින් මහජනතාවට හැමදාමත් භික්‍ෂූන් වහන්සේලා සේවය කර තියෙනවා. ධර්ම විනය දෙකට සම්බන්ධ කාරණා හැරුණාම අනෙකුත් ලෞකික අංශයට අයිති දේවල් ඉගෙන ගැනීමේ වරදක් මා දකින්නේ නෑ. හැබැයි ඒවා ඉගෙන ගෙන එයින් සේවයක් පොදු මහත් ජනතාවට කළ යුත්තේ නිස්‌සරණාධ්‍යාෂයෙන් යුතුවයි. මුදල් උපයන ව්‍යාපාර බවට ඒවා පත් කර ගැනීම නම් සතුටු වෙන්න බෑ.
මා දන්න හාමුදුරු නමකගෙන් ඉස්‌සර වෙලාම කේන්දරයක් හදන්න ඉගෙන ගත්තා. ඊට පසුව ඒ විෂය ගැන දන්නා අයගෙන් යම් යම් දේ අසා දැන ගත්තා. වයස විසි එක වන විට මට සංස්‌කෘත පොත පත කියවා තේරුම් ගැනීමට තරම් සංස්‌කෘත භාෂාව හුරු වුණා. සමහර සංස්‌කෘත පොත් මා ඉන්දියාවෙන් ගෙන්වා ගත්තා. ඒ පොත් තනියෙන් කියවා තේරුම් ගත්තා. මේ විදියට තැන් තැන්වලින් කරුණු කියවා දැනගෙන, සමහර කාරණා එක එක්‌කෙනාගෙන් අසා දැනගෙන මගේ දැනුම දියුණු කරගත්තා. මට මතක ඇති හැටියට මා ඉස්‌සර වෙලාම කේන්දරයක් හැදුවේ 1938 අවුරුද්දේ. එදා ඉඳන් එක දිගටම මා මේ විෂය ගැනත් ඉගෙන ගන්නවා. දිගින් දිගටම අලුත් අලුත් දේ හම්බ වෙනවා. ඒ හැම දෙයක්‌මත් මහත් ආසාවෙන් ඉගෙන ගන්නවා.
මේ ජ්‍යෙdතිර් විද්‍යාව ගැන මාත් නිතර නිතර පර්යේෂණවල යෙදෙනවා. එයින් මා ලබා ගන්න යම් යම් වටිනා දේ ජ්‍යෝතිෂ වැඩ කරන හැමදෙනාටම ඉතා සතුටින් බෙදා දෙනවා. ඇත්ත වශයෙන් මේ විෂය පිළිබඳ මා විසින්ම පර්යේෂණ කරල හොයා ගත් දේ කිහිපයක් තියෙනවා. ඒ අනුව දැන් මට පුළුවන් මාර්ග උපදේශනයක් කරන්න ජීවිතයක් කරදරයක් නැතිව ගත කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. පුද්ගලයන් පුද්ගලයන්ට ගැළපීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් මෙහිදී මට මතක් වෙනවා. "ධාතු සෝව සත්තා සංසන්දන්ති සමෙන්ති" වදාළ ධර්මයට අනුව ඒ ඒ පුද්ගලයන් ඔවුනොවුන්ට ගැළපෙන්නේ, සම්බන්ධවන්නේ පවත්නා ගතිගුණ අනුවයි. සාරිපුත්ත මහරහතුන් වහන්සේගේ අනුගාමික ශ්‍රාවක පිරිසගෙන් කොටසක් කඩාගෙන දෙව්දත් තෙරුන් වහන්සේ එක අවස්‌ථාවකදි කළ දේ ප්‍රසිද්ධයි. දෙව්දත් තෙරුන් පිටුපස ගිය ඒ ශ්‍රාවකයන් ගැන බුදුරජාණන් වහන්සේ කළ දේශනාව අද වුණත් සියලු දෙනා විසින් සිතිය යුතු වෙනවා.
මිනිස්‌සුන්ට යම් යම් කරදර හිරිහැර විපත් දිගින් දිගට පැමිණෙන විට එයින් ගැලවීම සඳහා නොයෙක් දේවල් කරනවා. කේන්දර බලනවා, බලි තොවිල් නටවනවා, ශාස්‌ත්‍ර බලනවා තව තව නොයෙක් දේවල් කරනවා. මෙයින් යන්ත්‍ර මන්ත්‍ර ගැන මම නම් මොකුත් කියන්නේ නෑ. සෙත් කවි මාර්ගයෙන් බොහෝ දෙනාට සෙතක් ශාන්තියක් ලැබිය හැකි බව මම බොහෝ සෙයින් විශ්වාස කරනවා. හැබැයි ඒක දැන ඉගෙන ගෙන කළ යුතු දෙයක්. නැත්නම් ඒක වස් කවියක් වෙන්නත් පුළුවන්. ඒක තාවකාලික ශාන්තියක්. සති කිහිපයකට හෝ මාස කිහිපයට පමණයි. ඉන් පසු ඒවා කියවන්න ඕනෑ කමකුත් නෑ. කිසිම කෙනෙක් සෙත් කවියක් දිගටම කියවන්න උනන්දු වෙන්නෙත් නැහැ. එසේ කියවීම අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලෙඩක් සුව වුණහම බෙහෙත් බොන්න කව්රුවත් කැමති වෙන්නේ නැහැනේ.
මා ජ්‍යෝතිෂය ඉගෙන ගත්තට පස්‌සෙ සෙත් කවි කලාවත් ඒ අනුව ඉගෙන ගත්තා. වයස අවුරුදු විස්‌සේදී පමණ මා සෙත් කවි ලියන්න පටන් ගත්තා. මා ලියූ සෑම සෙත් කවියක් ම පාහේ සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නා. ඔය පැනලා ගිය අය සොයා ගැනීමට, ගෙන්වා ගැනීමට මා හැදූ එක සෙත් කවියක්‌වත් කවදාවත් වැරදිලා නෑ. ඒක මා නොයෙක් විට අත්හදා බලලා තියෙනවා.
දවසක් මා ළගට ආවා තරුණ කාන්තාවක්. කාරණය තමන්ගේ ස්‌වාමි පුරුෂයා තරහවෙලා පැනලා ගිහිල්ලා. මා සෙත් කවියක් හදල දුන්නා. දින දෙක තුනකට පස්‌සෙ ඒ දෙන්නම ආවා මාව හමුවෙන්න. මම ඇහුවා ඔය ළමයට මොකද හිතුණෙ කියලා. මා සෙත් කවිය හදපු වෙලාවත් කියලයි එහෙම ඇහුවේ. "ඒ දවසෙ ඒ වෙලාවෙ ඉඳලා මට හිතුණෙ ගෙදර යන්නමයි." ඒ ළමයා කිව්වා. පසුවදා උදේ වෙනකම් මා ඉවසාගෙන ඉඳලා පසුවදා ගෙදර ආ බව ඔහු කිව්වා. ඒ අනුව සෙත් කවිය හදලා පැය විසි හතරක් ඇතුළත ප්‍රතිඵල ලබා දුන්න බව පේනවා.
තවත් අවස්‌ථාවක අවුරුදු දහනවයක විතර පිරිමි ළමයෙක් ස්‌කෝලෙ ගිය ගමන් පැනලා ගිහිල්ලා. මව්පිය දෙපළම මා ළඟට ආවා. මා සෙත් කවියක් හදලා දුන්නා. දවසක් දෙකක් කියවන විට ළමයා ගෙදර ආවා. ආව හැටි ඒ ළමයාත් දන්නෙ නැහැ. හම්බන්තොට පැත්තෙ ඉඳලයි ඇවිත් තියෙන්නේ. ගමේම ගෙදරකට ඇවිත් ළමයා වැටිලා තියෙනවා අසිහියෙන් වගේ. මට කියන්න බැහැ හරියටම කොහොමද මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නෙ කියලා.
මා සමහර අවස්‌ථාවලදී හිතුවක්‌කාර ලෙස කටයුතු කළත් හැම විටම ආත්ම සංවර්ධනයක් වූ බව නම් ඉතාම පැහැදිලි ය. මුදල් එකතුකරගෙන, ඒවා ගොඩ ගහගෙන පොහොසත් වෙන්න ඕනෑ කියන අදහසක් මට කවදාවත් ම තිබුණේ නැහැ. හැමදාම ලැබෙන දේකින් තියෙන දේකින් ඒ ඒ වෙලාවට වැඩ කළා. ඒ වගේම අනාගතේ අසවල් තැනට එන්න ඕනෑ කියන ඉලක්‌කයක් ඇතුව වැඩ කළෙත් නැහැ. යන පැත්තක ගියාවේ කියලා හිතාගෙන වැඩ කළා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් වර්තමානයේ ජීවත් විය යුතුය යන්නයි. අනාගතයේ හෝ අතීතයේ ජීවත් නොවිය යුතු බව උන්වහන්සේ දේශනා කොට තිබෙනවා. මට අනාගත සැලසුම් අරමුණු තිබුණෙම නැහැ. නමුත් මහන්සියෙන් වැඩ කළා. මේ ගමන වැඩ කිරීමෙන්ම ආ ගමනක් කියලයි මට හිතෙන්නේ.
මහනායක පදවිය ලැබුණට පස්‌සේ මා කරන ලද ප්‍රකාශයක් ගැන කව්රුත් වගේ මහත් සේ ප්‍රසාදය පළ කළා. ඒ ප්‍රකාශය තමයි "මා මේ පදවිය ලබා ගැනීමට හිතලවත් තිබුණෙ නැහැ. මේ ගැන කාටවත් කිව්වෙත් නැහැ. කාගෙන්වත් මේ පදවිය ඉල්ලුවෙත් නැහැ. ඒ වෙනුවෙන් කිසිම දෙයක් කළෙත් නැහැ. මා දිගටම කරගෙන ආවේ මගේ ප්‍රතිරූපය සංවර්ධනය කිරීම පමණයි.
ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි